'Jumanji Welcome to the Jungle' දැන් රිදී තිරයේ

  👤  1492 readers have read this article !
Published by : MB WEB 2017-12-21 16:18:11

රුවින්ද වීරසිංහ 

හොලිවුඩ් රිදී තිරයට පැමිණීමට නියමිත චිත්‍රපට අතර මේ වනවිටත් ලොව පුරා සිනමාලෝලීන් බොහෝ දෙනකුගේ අවධානය දිනා ගැනීමට සමත්ව ඇති සිනමා නිර්මාණයක් තමයි 'Jumanji Welcome to the Jungle' කියන්නේ.

Jake Kasdanගේ තිර රචනයක් සහ අධ්‍යක්ෂණයක්ද වන මෙම චිත්‍රපටය Sony Pictures ඉදිරිපත් කිරීමක්.

හාස්‍ය රසය පිරි ත්‍රාසජනක ක්‍රියාදාම එක්තැන් වූ චිත්‍රපටයක් ලෙසයි මෙය වර්ග කර තිබෙන්නේ.

ඒ අනුව මිනිත්තු 119ක කාලයක් පුරාවට අපූර්ව ත්‍රාසජනක දර්ශන තල වෙත ඔබ ගෙනයෑමට සමත් මෙම චිත්‍රපටය ඒ හා සමගාමීවම ප්‍රේක්ෂකයන් නිබඳවම සිනහ සයුරේ ගිල්වීමටද සමත්වනු ඇති බව නම් නොඅනුමානයි.

හොලිවුඩයේ සුපිරි නළු Dwayne Johnson, Jack Black, Kevin Hart ඇතුළු පිරිසකගේ විශිෂ්ට රංගනයෙන් හැඩවී ඇති මෙම නවතම සිනමාපටය රිදී තිරයට පැමිණීයේ දෙසැම්බර් 20 වැනිදායි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon