කලාකරුවන් නත්තල සමරන හැටි

  👤  1737 readers have read this article !
Published by : MB WEB 2017-12-23 15:49:39

ඉරේෂා කල්හාරි සේනාධීර , කුමුදිකා ඩී. සපුතන්ත්‍රි

ජොලි කරනවාට වඩා ආත්මීය සුවපත් බව හොයනවා

නලීන් පෙරේරා

නත්තල කියන්නේ අපි ගොඩක් කැමැති කාල පරිච්ඡේදයක්. නත්තලේදී දරුවො ගොඩක් කැමැතියි විසිතුරු දේවල්වලට සහ ලයිට් දාලා විවිධ සැරසිලි කරන්න. එහෙම තිබුණොත් තමයි නත්තල් හැඟීම දැනෙන්නෙ. නත්තලට කාලා බීලා ජොලි කරනවට වඩා මම මනුෂ්‍යයෙක් විදියට ක්‍රිස්තුස් වහන්සේගේ වචනය ආරක්ෂා කරන්න උත්සාහ කරනවා. නත්තල කියන්නෙ ලෞකිකත්වයට ප්‍රමුඛත්වය දීම නෙවෙයි. ආත්මීයව සුවපත්වීම.

ආත්මීය සුවවීම නැත්නම් නත්තලේ මිහිරක් නෑ. අපි කාටවත් වෛර කරන්නෙ නැතිව, ඊර්ෂ්‍යා කරන්නේ නැතිව ජිවත් වෙන්න ඕනේ. නත්තලේදී, අපි අතින් වුණ වැරැදි හදාගෙන ජීවිතේ අලුත් කරගන්න ඕනේ. දේව වචනයට නතු වෙලා ජීවත් වෙන්න ඕනේ.

 

සරුව පිත්තල දේවල් නැතිව නත්තල සමරනවා

රොඩ්නි වර්ණකුල

අද නත්තල ලෝකෙම සරුව පිත්තල දවසක් කරගෙන. නත්තල විකුණනවා, නත්තල් සීයාව විකුණනවා. ඒත් හැබෑ නත්තල ඒක නෙවෙයි. ජේසුස් වහන්සේ ලෝකෙටම සාමය ගෙනාපු දවස තමයි සැබෑ නත්තල කියන්නේ. සරුව පිත්තල වැඩවලට මම කැමැති නෑ.

දරුවන්ගෙ සතුට වෙනුවෙන් නත්තල් ගහ හදනවා. ඒ අයට තෑගි දෙනවා. කතෝලික දිව්‍ය පූජාව පවත්වනවා. ඊට පස්සේ සහෝදර සහෝදරියන්ගේ නිවෙසක දරු මුනුපුරෝ එක්ක එකතු වෙලා සුහදත්වය පළ කරමින් සතුටු වෙනවා. මගේ නත්තල් ප්‍රාර්ථනය උතුම් සොබා දහමේ හැම බිම් අඟලකටම යහපතක් වේවා කියන එක.

 

අසරණ අයට නත්තල සමරන්න උදවු කරනවා

අචලා අලස්

මේ නත්තලේදී මමත්, මගේ පවුලේ අයත් බලාපොරොත්තු වෙන්නේ ගිය වසරට වඩා යහපත් මිනිසුන් වෙන්න. නත්තල් ගහක් හදනවා. නත්තල් කේක් හදනවා. විශේෂයෙන් උත්සව පවත්වන්නෙ නෑ. අනිවාර්යයෙන්ම පල්ලි යනවා. අසරණ කෙනෙක්ට නත්තල සමරන්න උදවු කරනවා.

නැති බැරි අය සතුටු කරන එක තමයි මගේ නත්තල

රොනී ලීච්


නත්තලට සුපුරුදු පරිදි සූදානම්. පුංචි කාලෙදි තමයි නත්තල ගොඩක් දැනෙන්නෙ. දැන් මගේ ළමයිත් ලොකුයි.

අපි නත්තල් කේක් එක හැදුවා. නත්තල් ගහ සැරසුවා.

මම කියන්නෙ නත්තලට අපි විතරක් කාලා බීලා විනෝද වෙන්න හිතන්න හොඳ නැහැ. අනිත් අය ගැනත් හිතන්න ඕනේ. එක දවසක් හරි නැති බැරි පවුලකට කෑම වේලක් දීලා තෑගි බෝග දීලා, වියළි ආහාර හෝ දීලා ඒගොල්ලො සන්තෝෂ කරන්න පුළුවන් නම් ඒක තමයි මගේ නත්තල.

කලාකරුවො ර¼දා පවතින්නෙ රසිකයො මත. ඒ ගොල්ලන්ගේ ආදරය, ඉල්ලීම මත තමයි අපි රැඳිලා ඉන්නේ. ඒ නිසා කලාකරුවො විදියට අපි නිරහංකාරව ජීවත් වෙන්න ඕනේ. සෑම රැකියාවක් කරන කෙනෙක්ටම එක විදියට සලකන්න, ගරු කරන්න ඕනේ.

ඊර්ෂ්‍යාව, කේ‍රා්ධය, වෛරය අතහැරලා මේ නත්තලේදිවත් එකතු වෙන්න කියන පණිවුඩය තමයි මගේ රසිකයන්ට දෙන්න තියෙන්නේ.

 

පල්ලියට ගිහින් හැමෝම එක්ක නත්තල සමරනවා

ශානිකා වනිගසේකර

නත්තල වෙනුවෙන් විශේෂ උත්සව අපේ නිවෙසේ පවත්වන්නේ නෑ. පල්ලි ගිහින් දිව්‍ය පූජාවට සම්බන්ධ වෙනවා. දුප්පත්, පෝසත් හැමෝම පල්ලියට එනවා. ඒ හැමෝම එක්ක පල්ලියේදී නත්තල සමරන එක තමයි මගෙ ලොකුම සතුට.

 

නත්තල් ගහ සරසලා නත්තලට සූදානම් වෙනවා

නිලන්ති ඩයස්

චැනල් දෙකකින් නත්තල් වැඩසටහන්වලට ආරාධනා ලැබුණා. සීසන් එක නිසා මේ දවස්වල කාර්යබහුලයි. ගෙදරත් නත්තලට සූදානම් වෙනවා. 25 වැනිදාට පල්ලි යනවා. නත්තල් දවස්වලදී ගොඩක් කාර්යබහුල වෙන හින්දා ඉක්මනින්ම මමයි, බබයි එකතු වෙලා නත්තල් ගහ සැරසුවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon