ඉන්දීය සිනමා ශාලාවන්හි ජාතික ගීය අනිවාර්ය නැහැ

  👤  2025 readers have read this article !
Published by : MB WEB 2018-01-10 14:06:21

සිනමා ශාලාවන්හි සෑම චිත්‍රපට ප්‍රදර්ශනයකට පෙර ජාතික ගීය වාදනය කළ යුතු බවට පනවා තිබුණ නියෝගයක් අවලංගු කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ගෙන තිබෙන්නේ ඉන්දීය ආණ්ඩුවේ ප්‍රකාශනයකට ප්‍රතිචාරය පළ කරමිනි.

මෙයින් වසරකට පමණ කාලයකට පෙර එම ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම දී තිබුණ නියෝගයක් මෙම නව තීන්දුව මගින් බල රහිත කෙරෙයි.

චිත්‍රපට සෑම ප්‍රදර්ශන වාරයකට පෙර තිරයේ ජාතික කොඩියේ රූපයක්ද ප්‍රදර්ශනය කරමින් රටේ ජාතික ගීය වාදනය කළ යුතු බවත් එවිට සිනමා ශාලාව තුළ සිටින සිනමාලෝලීන් නැඟී සිටිය යුතු බවත් කලින් දුන් අධිකරණ තීන්දුවේ දැක්වුණි.

එවැනි හැසිරීමක් දේශප්‍රේමී හැඟීම් තහවුරු වීමට ඉවහල් වනු ඇතැයි ඉන්දීය නිලධාරීහු ප්‍රකාශ කළහ.

ජනතාව තම පෞද්ගලික නිදහස පිළිබඳ අභිමතය පරිදි කටයුතු කිරීම නවතා දේශප්‍රේමී හැඟීමෙන් යුතුව කටයුතු කළයුතු බව අධිකරණයේ නිගමනය වී තිබුණි.

එහෙත් චිත්‍රපට සෑම ප්‍රදර්ශන වාරයකට පෙර ජාතික ගීය වාදනය කිරීමේ රෙගුලාසිය ක්‍රියාවට නැංවීමේ දී ව්‍යාකූලතාවන්ට මුහුණ දීමට සිදු වූ අතර ජාතික ගීය වාදනය කෙරෙද්දී නැඟී නොසිටි සිනමාලෝලීන් අත්අඩංගුවට ගැනීමේ සිද්ධීන් රැසක් ද වාර්තා විය.

කේරළයේ සිනමා උළෙලක චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම් ආරම්භයේ දී එසේ නැගී නොසිටි සිනමාලෝලීන් දොළොස්දෙනකු අත්අඩංගුවට ගෙන තිබුණි.

ජාතික ගීය වාදනය කෙරෙද්දී අසුන්වලින් නැගී නොසිටීම නිසා කේරල සහ තමිල්නාඩු ප්‍රාන්තවල අත්අඩංගුවට ගත් සිනමාලෝලීන්ගේ සංඛ්‍යාව විසි දෙනකු පමණ විය.

'චෙන්නායි' නගරයේ සිනමා ශාලාවක ජාතික ගීය ප්‍රදර්ශනය කෙරෙද්දී අසුන්වලින් නැගී නොසිටි සිනමාලෝලීන් අටදෙනකුට පහර දී අවමන් කිරීමේ සිද්ධීන් වාර්තා වූ බව තමිල්නාඩු පොලිසිය ප්‍රකාශ කළේය.

මෙම කරණය සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රාන්ත විසිනවය තුළ ඒවාටම අනන්‍යවූ නීති පවතී.

එවැනි තත්වයක් තුළ ජාතික ගීය වෙනුවෙන් නැගිට සිටීම අනිවාර්ය නොවන බව පසුගිය වසරේ ඉන්දියානු අධිකරණයක් තීන්දු කර තිබුණේ එමගින් කැළඹීමක් සහ ව්‍යාකූලතාවක් ඇතිවිය හැකි බව පවසමිනි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon