නායකත්වයෙන් ගියේ නැවත එන්න නෙවෙයි
බංග්ලාදේශය, සිම්බාබ්වේ සමඟින් එළැඹෙන 15දා බංග්ලාදේශයේදී ආරම්භ වන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියත් ඇතුළුව ලෝක කුසලානය තෙක් සුදු පන්දුවේ තරග රටාව යටතේ එක්දින හා විස්සයි-20 ආකෘති දෙකෙහි නායකත්වය ඇන්ජිලෝ මැතිව්ස්ටත්, ටෙස්ට් නායකත්වය තවදුරටත් දිනේෂ් චන්දිමාල් යටතට පැවරීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
තව දින කිහිපයකින් ආරම්භ වන තුන්කොන් තරගාවලිය සඳහා මේ වනවිට 16 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයද ප්‍රකාශයට පත්කළ අතර, ෂෙහාන් මධුසංකට නම් කළ ශ්‍රී ලංකා සංචිතය සඳහා පළමුවරට එකතු වීමට අවකාශය සැලසී තිබීමද විශේෂත්වයකි.
මැතිව්ස්ට අමතරව නම් කළ එම සංචිතයට උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත්, තිසර පෙරේරා, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, ෂෙහාන් මධුසංක, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන් හා වනිඳු හසරංග ඇතුළත්ව ඇත.
කෙසේ වෙතත් නම් කළ කණ්ඩායම සම්බන්ධයෙන් හා ඉදිරි වැඩසටහන් සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරිශ්‍රයේදී ඊයේ (09දා) පැවැති අතර, එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා එක්දින හා විස්සයි-20 නායකයා පැවැසුවේ මෙයට පෙර නායකත්වයෙන් ඉල්ලා අස්වුණේ යළිත් නායකත්වයට පත්වීමේ අදහසකින් නොවන නමුත් වර්තමානයේදී කණ්ඩායම පත්ව ඇති තත්ත්වය සිතා බලා මෙම තීරණය ගත් බවය.
"අලුත් නායකයකු ඕන නිසත්, ඒ නායකයාට හැදෙන්න කාලයක් අවශ්‍ය නිසයි මෙයට මාස 4-5කට පෙර මම කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වුණේ. එහෙම නායකත්වය අත්හැරියේ ආයේ එන්න බලාගෙන නොවෙයි. ඒත් ඉන්දියාවේ සිට ආවට පස්සේ ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල, ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ හා තේරීම් කමිටු සභාපති ගේරහැම් ලැබ්රෝයි මහත්වරුන් සියලු දෙනාම මගෙන් ඉල්ලීමක් කළා නායකත්වය යළි භාරගන්න කියලා. මම ඒ සම්බන්ධයෙන් ටික දවසක් කල්පනා කරලා අවුරුදු 10ක් රට වෙනුවෙන් සෙල්ලම් කළ කෙනෙක් හැටියට කණ්ඩායමේ අවශ්‍යතාව රටේ අවශ්‍යතාව කියලා හිතලා යළිත් නායකත්වය භාරගන්න මම තීරණය කළා. අපේ කණ්ඩායමේ ස්ථාවරත්වය ටිකක් බිඳ වැටිලා තියෙනවා. ඒත් ඒ සියලු දේම හදාගෙන ලෝක කුසලානයට සාර්ථකව මුහුණ දෙන්න ඕන. අනෙක හතුරු අයියා ගැන මම දන්නවා, ඔහු යටතේ මම ශ්‍රී ලංකා "ඒ" කණ්ඩායමෙත් හිටියා. අපි දෙන්නම එක හා සමානව නිතරම හිතන්නේ කණ්ඩායම පිළිබඳව විතරයි. ඒකට සමහර අය කැමැති වෙයි. සමහර අකැමැති වේවි.ඒත් මම ඉදිරියේදීත් රට වෙනුවෙන් උපරිම දේ කරනවා" යනුවෙන්ද මැතිව්ස් සඳහන් කළේය.
දිගු කාලීන පියවරක් යටතේ පසුගියදා නම් කළ 23 දෙනාගෙන් සංචිතයට ඇතුළත් නොවූ වනිඳු හසරංග මෙන්ම ෂෙහාන් මධුසංක තුන්කොන් එක්දින තරගාවලිය සඳහා නම් කළේ කුමන පදනමක් යටතේද යන්න විමසීමකදී තේරීම් කමිටු සභාපති ගේරහැම් ලැබ්රෝයි මහතා පැවැසුවේ ජෙෆ්රි වැන්ඩර්සේ මේ වනවිට ආබාධයකට ලක්ව ඇති බැවින් වනිඳු හරසංග නම් කළ බවත්, මධුසංක වඩාත් වේගයෙන් (පැයට කිලෝ මීටර් 136-137ත් අතර) පන්දු යවන බැවින් ප්‍රධාන පුහුණුකරුවාගේ අනුදැනුම මත මධුසංක කණ්ඩායමට එක්කළ බවයි.
නම් කළ ශ්‍රී ලංකා සංචිතයට මැතිව්ස් හා තිසර පෙරේරාට අමතරව වේගපන්දු යවන්නන් සිවු දෙනකු යොදා ගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පැවැසුවේ එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එංගලන්තයේ පැවැත්වෙන බැවින් එම තරගාවලිය ඉලක්ක කරගෙන මෙවැනි තීරණයක් ගත් බවත්, ෂෙහාන් මධුසංක සංචිතයට එක් කළේ දිගු කාලීන සැලැස්මක් යටතේ බවත්ය.
"අපි ලෝක කුසලානයට යනකොට පන්දු යවන්නන් 7ක්වත් කණ්ඩායමේ සිටිය යුතුයි. ඒ අය අඩුම තරමේ තරග 15ක්වත් ක්‍රීඩා කරලා තියෙන්න ඕන. එහෙම නැති වුණත් අපිත් එක්ක සංචිතයේ ඉඳලා තියෙන්න ඕන. එහෙම කියන්නේ ෂෙහාන් මධුසංක මේ තරගාවලිය ගහනවා කියන එක නෙවෙයි. අපි දකිනවා එයාට ඉදිරියක් තියෙනවා කියලා. මේ නිසයි එයාව අපි සංචිතයට එක් කළේ" යනුවෙන්ද හතුරුසිංහ කීය.
මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කමිටුවේ තහනම් උත්තේජක නිවාරණ ආයතනය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පැවැසුවේ, ඒ සඳහා සියලු සහයෝගය තමන් සලසන බවත්, ක්‍රිකට් ආයතනයේ කිසිදු නිලධාරියකු, පුහුණුකරුවකු හෝ කිසිදු ක්‍රීඩකයකු මෙම චෝදනාවට ලක් වී නොමැති බවය. "ප්‍රසිද්ධියේම මේ චෝදනාව නඟලා තියෙන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ පැරණි ක්‍රීඩකයන් පිරිසක්. මම ඔවුන්ට කියන්නේ ආගම අදහන්න කියලා විතරයි" යනුවෙන් සුමතිපාල මහතා පැවැසීය.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන විධායක නිලධාරී අෑෂ්ලි ද සිල්වා මහතා මෙන්ම ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ද එක්ව සිටියහ.
විනෝදාත්මක
අද මව්බිමෙන්
- මලල ක්‍රීඩකයන්ගේ ගමනට අයි.පී. හරස් කපයි තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලියට මුදල් දීම ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි 🕔2018-04-25
- අන්තර් පළාත් සිවුදින සුපිරි ක්‍රිකට් තරගාවලියේ ‘දඹුල්ල’ තරගයක් දිනුවත් ශූරතාව ගාල්ලට 🕔2018-04-25
- 56 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය දෙවැනි දිනයේත් නව තරග වාර්තා 10ක් 🕔2018-04-25
- පොදුරද මඬුලු ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද ජනපති වෙතින් පිදුම් ලබයි 🕔2018-04-25
- කිංස් ඔධ් පෙරමුණ ගනී 🕔2018-04-25
- ‘මැදි මහ සටන’ හෙට දඹුල්ලේදී 🕔2018-04-25
- රනිල් ආණ්ඩුවේ බලය වැඩි කරගන්න ජවිපෙ ඉත්තෙක් කරගෙන 🕔2018-04-25
- ජනතාව නොමරා මරන පාලකයන් ඉන්නකොට මන්දපෝෂණයෙන් රට දෙකට එන එක පුදුමයක්ද 🕔2018-04-25
- විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ජවිපෙ යෝජනාව පිටුපස ඇත්තේ පටු අරමුණු තුනක් 🕔2018-04-25
- වෛද්‍ය ආඥාපනත හා විශ්වවිද්‍යාල පනත බරපතළ ලෙස හෑල්ලුවට පත්වනවා 🕔2018-04-25
- අකුණු වැදී මාකඳුරේ නිවෙසක් ගින්නෙන් විනාශ වෙලා 🕔2018-04-25
- මීමැස්මොරය හැදුණු අයකු මුහුදට වැටී නසී 🕔2018-04-25
- මාස 16ට උතුරේ වල් අලි 11ක් මරලා උතුරේ පශු වෛද්‍ය නිලධාරි හෙළි කරයි 🕔2018-04-25
- කඩුගන්නාව ගල් උමඟ හරහා වාහන ධාවනය හා ජනතාවට ගමන් කිරීම අත්හිටුවයි 🕔2018-04-25
- බොරු නඩු කීපයකට රිමාන්ඩ් කළ තරුණයෙක් අනුරාධපුර ඒ.ඉ.ර්ථී ට හා නිලධාරීන් දෙදෙනකුට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරලා 🕔2018-04-25
- උත්සව සමයේ ලංකා ධීවර සංස්ථාවේ මාළු අලෙවිය සියයට 68%කින් ඉහළට ආදායම සියයට 74%ක් නඟියි 🕔2018-04-25
- ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා විපක්ෂයේ අසුන් ගන්නවා 🕔2018-04-25
- නැන්දම්මාට පහරදී ඝාතනය කළ බෑනා නිවෙසේ බාල්කයේ එල්ලී දිවි නසාගෙන 🕔2018-04-25
- බදු බරින් මිරිකෙන ලේඛක ලේඛිකාවනට අපේ ආණ්ඩුවක් එනතුරු ඉවසන්න වෙනවා 🕔2018-04-25
- ජනාධිපතිවරණයට ගෝඨාභය එනවාට මෛත්‍රි-රනිල්-අනුර වගේම ඒකාබද්ධයේ කොටසකුත් විරුද්ධයි 🕔2018-04-25
- අපි බලයට ගෙනාපු ආණ්ඩුව අද අපිත් එක්ක කතා කරන්නේ නෑ 🕔2018-04-25
- ආණ්ඩුව හදන්නේ බෞද්ධයන්ව පන්සලෙන් අෑත් කරවන්නයි 🕔2018-04-25
- බුද්ධ ශාසනය වෙනුවෙන් කැපවන හිමිවරුන්ට රක්ෂණ ක්‍රමයක් ඇති කරනවා 🕔2018-04-25
- ජවිපෙ දැන් සෙල්ලම් කරන්නේ කොළේ වහලා 🕔2018-04-25
- අනාගතයේ බිහිවන මහින්දගේ ආණ්ඩුවක් යටතේ කෘෂි නිෂ්පාදන සංවර්ධන අධිකාරියක් පිහිටුවීමට සාකච්ඡා කරගෙන යනවා 🕔2018-04-25
- වෙසක් සමයේ සුරා අපරාධ වැළැක්වීමට විශේෂ වැඩසටහනක් 🕔2018-04-25
- පාරිභෝගිකයන් මුළා කරන රන් බඩු වෙළෙඳපළට එන ප්‍රවණතාවක් ප්‍රමිතිගත රන් බඩු මිලට ගැනීමට සුපරික්ෂාකාරිවන්න 🕔2018-04-25
- උද්ඝෝෂණයෙන් පසු පා ගමනට පොලිසියෙන් මාර්ග බාධක 🕔2018-04-25
- පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල ප්‍රතිසංස්කරණයට වෙන්කර ඇත්තේ රුපියල් මිලියන 200ක් පමණයි 🕔2018-04-25
- වැලිකඩ බන්ධනාගාරයේදී 27ක් ඝාතනයට ලක්වීමේ සිද්ධිය පොලිස් පරීක්ෂක රංගජීව හා බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් යළිත් රිමාන්ඩ් 🕔2018-04-25
- කතරගම ව්‍යාපාරිකයාගේ මරණයට සැක පස් දෙනාට ශරීර ඇප 🕔2018-04-25
- ඉඩම් ආරවුලකට බහින්බස් වී අයියා දුන් උදලු පහරින් නංගී මරුට 🕔2018-04-25
- පස්දෙනකුට මරු කැඳවූ රබර් කම්හලේ පරිසර ආරක්ෂණ බලපත්‍රය අත්හිටුවයි 🕔2018-04-25
- ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර සිංගප්පූරුවට යෑමට ආ තරුණයා කටුනායකදී අත්අඩංගුවට 🕔2018-04-25
- පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංගට එරෙහි ඉඩම් නඩුව ඉල්ලා අස් කරගනී 🕔2018-04-25
- නිදි ඇඳේදී මවට යටවී දින 25 බිලි¼දා මියගිහින් 🕔2018-04-25
- හෙද දියණිය ඝාතනය කළ බෑනා මරා ගල් වළකට දැමීමේ සිද්ධිය හෙදියගේ මවත් අනියම් සැමියාත් මැයි 2 දක්වා යළිත් රිමාන්ඩ් 🕔2018-04-25
- යාල වනෝද්‍යානයේ ඇතකු මරා ගජමුතු දෙකක් විකිණීමට තැත් කළ ව්‍යාපාරිකයන් දෙදෙනා දැලේ 🕔2018-04-25
- වසන්ත සොයිසා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු එස්. එෆ්. ලොක්කා යළි රිමාන්ඩ් 🕔2018-04-25
- සිංහලයා ගුණාත්මක අවදානමකට මුහුණ පාලා 🕔2018-04-25
- ලංගම බස් රියැදුරකු අමානුෂික වැඩක් කරලා 🕔2018-04-25
- ශ්‍රී ලනිපයේ 26ම ඉවත් වුණත් ආණ්ඩුව වැටෙන්නේ නෑ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් 🕔2018-04-25
- පිටරට වෙසක් කූඩු හා බකට් නිසා දේශීය නිෂ්පාදන අභාවයට ගිහින් 🕔2018-04-25
- විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වෙනම සේවයක් ඉල්ලා වෘත්තීය අරගලයක් අරඹන ලකුණු 🕔2018-04-25
- ජාතික අත්පිටපත් සම්මාන සඳහා පිටපත් බාර ගැනේ 🕔2018-04-25
- සහල් - පොල් - එළවළු තොග මිල පහළට යද්දී සිල්ලර මිල අහස උසට 🕔2018-04-25
- කර්මාන්තශාලාවල පරිසර සහතික ගැන සොයන්න පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය ජනපතිගෙන් ඉල්ලයි 🕔2018-04-25
- බිලිඳා මරා ගෙල වැල ලා ගත් මවගේ ශෝකාන්තය ‘අම්මා මිය ගිය පසු අක්කා සිටියේ දැඩි සිත් තැවුලෙන්’ 🕔2018-04-25
- මැලේරියාව නැවත ඇතිවීමේ අවදානමක් ගැන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් පවසයි 🕔2018-04-25
- අප්‍රේල්වලට වෙසක් දිනය යොදා ගැනීම උචිත නොවේ 🕔2018-04-25
- අවුරුදු 35ට වැඩි උපාධිධාරීන් රාජ්‍ය සේවයට ගන්න ක්‍රමවත් වැඩසටහනක් ඇමැති හර්ෂ 🕔2018-04-25
- වෙසක් දන්සල්වලට තහනම් පොලිතින් භාවිත කරන්න එපා 🕔2018-04-25
- ගුරු මාරුවලට එරෙහිව පිකටින් කිරීමට සැරසුණු කොළඹ ගුරුවරුන්ට වැඩ වරදී විනය ක්‍රියාමාර්ග ගැනීමට ඇමැති සැරසෙයි 🕔2018-04-25
- යහපාලන හවුල් දීගයෙන් ශ්‍රී ලනිපය ඉවත් වෙනවා නම් හොඳයි පාලිත රංගේ බණ්ඩාර 🕔2018-04-25
- පෝර්ට් සිටි හැදීමට මීගමු මුහුදෙන් වැලි පොම්ප කරනවාට එරෙහිව කුඩාමඩුවැල්ලේ විරෝධතා 🕔2018-04-25
- උත්සව සමයේ ධීවර සංස්ථාව මාළු කිලෝග්‍රෑම් 135,892ක් විකුණලා ධීවර අමාත්‍යාංශය කියයි 🕔2018-04-25
- පළාත් සභා 6ක ඡන්දය දෙසැම්බර් 15ට පෙර මැ.කො. සභාපති 🕔2018-04-25
- ගතවූ මාස 4ට මිනීමැරුම් කොල්ලකෑම් 52ක් 🕔2018-04-25
- DIG තනතුරට 5ක් උසස් කිරීමට දුන් තීරණයේ වෙනසක් නෑ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති 🕔2018-04-25
- කොන්ද පණ තියෙන කෙනෙක් මීළඟ ජනපතිකමට ගේනවා 🕔2018-04-25
- එජාප ප්‍රතිසංවිධානයට තීරණයක් ගන්න බැරිව දේශපාලන මණ්ඩලය සිවුවැනි වතාවටත් අද රැස්වෙයි 🕔2018-04-25
- ජනතාවට වගකියන කැබිනට් මණ්ඩලයක් පත් කරනවා ජනපති 🕔2018-04-25
- තවත් වාර්තාවක් ඇමෙරිකානු ඩොලරය නහුතෙට නඟී 🕔2018-04-25
- යාපනයේ විද්‍යා දැරියගේ සොහොයුරියට ජනපති මැදිහත් වී රැකියාවක්... 🕔2018-04-25
- පර්පචුවල් හරහා බැඳුම්කර ගත් අයට හුළං 🕔2018-04-25