උසස් පෙළ හපනුන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඇගැයීමේ වැඩසටහන හෙට

  👤  1953 readers have read this article !
Published by : MB WEB 2018-01-11 12:36:59

මෙවර උසස් පෙළ විභාගයෙන් විෂය ධාරා 7ක් යටතේම දිවයිනේ ප්‍රථම ස්ථාන හිමිකරගත් සිසුන් ඇගැයීමේ වැඩසටහනක් හෙට (12දා) උදෑසන 10.00ට දේශීය ආදායම් ප්‍රධාන කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් අයිවන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හා නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් නදුන් ගුරුගේ මහතා ඇතුළු නිලධාරි මණ්ඩලයේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මේ වැඩසටහන සඳහා ප්‍රථම ස්ථාන හිමිකර ගත් සිසුන් සමඟින් ඔවුන්ගේ මවුපියන්ද සහභාගි වීමට නියමිතය.

මේ දරුවන් ඇතුළු දැයේ දූ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් බදු ගෙවන ලද ගෞරවනීය පුරවැසියන් දක්වන ලද දායකත්වයට ස්තුතිවන්ත වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, තව තවත් මෙවන් හපන්නු බිහිකර ඔවුන් ශ්‍රී ලාංකේය ජාතියේ උන්නතිය සඳහා දායාද කිරීමට බදු ගෙවන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවද අත්වැල් බැඳගත් සුවිශේෂී අවස්ථාවක් මෙමඟින් සනිටුහන් කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon