හතුරුගේ පරණ මිතුරන් සමඟ සටනට ශ්‍රී ලංකා පිල බංග්ලාදේශයට

  👤  2090 readers have read this article !
Published by : MB WEB 2018-01-12 10:44:48

තව නොබෝ දිනකින් එනම් ජනවාරි 15 වැනිදා බංග්ලාදේශ හා සිම්බාබ්වේ අතර තරගයෙන් බංග්ලාදේශයේ මිර්පූර්හිදී ආරම්භ වන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (13දා) ශ්‍රී ලංකාවෙන් පිටත්වීමට නියමිතව ඇත.

අද (12දා) පස්වරු 5.00ට පමණ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වෙන ආගමික වතාවත්වලින් අනතුරුව හෙට (13දා) ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතය.

කෙසේ වෙතත් සත්කාරකයන් සිම්බාබ්වේ කණ්ඩායම සමඟින් තරගාවලියේ ආරම්භක තරගයට සහභාගි වීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරගයට ඉදිරිපත් වන්නේ 17 වැනිදා සිම්බාබ්වේ කණ්ඩායම සමඟිනි.

ඉන් අනතුරුව 19 වැනිදා බංග්ලාදේශට එරෙහිව තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම 21 වැනිදා සිම්බාබ්වේ කණ්ඩායම සමඟින්ද 25 වැනිදා යළිත් බංග්ලාදේශය සමඟින්ද තරග වැදීමට නියමිතව තිබේ.

තරගාවලියේ අවසන් තරගය 27දා පැවැත්වෙන අතර, සියලුම තරග මිර්පූර්හි ෂෙහෙරා බංග්ලා ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon