සාමණේර දෙනමට අතවර කළ හිමිනම 17දා තෙක් රිමාන්ඩ්

  👤  2054 readers have read this article !
Published by : MB WEB 2018-01-12 12:21:51

කුඩා භික්ෂුන් වහන්සේ දෙදෙනකු බරපතළ ලෙස ලිංගික අපචාරයට ලක්කිරීමේ චෝදනාව මත කරදගොල්ල ප්‍රදේශයේ පිහිටි පිරිවෙනක ප්‍රධාන හිමිනම අත්අඩංගුවට ගෙන මේ මස 17 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට තිබේ.

වයස අවුරුදු 14ක් සහ 10ක් වන මෙම හිමිවරුන් දෙදෙනා සැකකාර හිමිනම සමඟ එකම විහාරස්ථානයේ වාසය කර ඇත. එසේ සිටියදී සැකකරු විසින් විටින් විට මෙම හිමිවරුන් දෙදෙනා ලිංගික අපචාරයට යොදා ගෙන ඇති බව පොලිසිය කියයි.

පසුව හිමිවරුන්ගෙන් මිදී තම නිවෙසට ගොස් ඇති මෙම කුඩා භික්ෂුන් වහන්සේලා ඔවුන්ගේ මවුපියන්ට මේ බව සැල කර තිබේ. මවුපියන් විසින් ඒ පිළිබඳව කුරුණෑගල සහකාර පොලිස් අධිකාරි කාර්යාලයට කරන ලද පැමිණිල්ලකට අනුව කුරුණෑගල සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායක මහතාගේ උපදෙස් මත ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇත.

පරීක්ෂණවල හෙළි වූ කරුණු අනුව රිදීගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් හිමිනම රම්බඩගල්ල මහෙස්ත්‍රාත් ජී.එන්. ප්‍ර්‍රියදර්ශනී මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 17 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කළාය. භික්ෂුන් වහන්සේලා දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඉදිරිපත් කොට තිබේ.

කුරුණෑගල සහකාර පොලිස් අධිකාරි සමන් දිසානායක මහතාගේ උපදෙස් මත රිදීගම පොලිසියේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක කුමාරසිංහ මහතාගේ මෙහෙයවීමෙන්, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂිකා මධුමාලි මහත්මිය ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon