කෝලි දමා අනුෂ්කා මුම්බාය ආවේ ඇයි?

  👤  2522 readers have read this article !
Published by : MB WEB 2018-01-16 12:18:51

පසුගිය මාසේ ඉතාලියේ උත්කර්ෂවත්ව සැමරුන විරාත් - අනුෂ්කාගේ විවාහය ගැන තාමත් කතාබහ වෙනවා. ඒ කොහොම වුණත් මේ වැඩකටයුතු අතරේ රංගන තරුවක් වුණ අනුෂ්කා වගේම ක්‍රිකට් තරු විරාත් කෝලිත් අලුත් අවුරුද්දේ සුපුරුදු විදියට වෘත්තීය වැඩවලටත් අත ගහලා.

ඉතාලියේ විවාහ උත්සවය සැමරු මේ යුවළ මධුසමය ගත කරන්නට තෝරා ගත්තේ සුන්දර ෆින්ලන්තයයි. මේ දෙපළම කොයි තරම් කාර්යබහුල වුණත් ඉඩ ලැබෙන හැම වෙලාවම එකටම කාලය ගත කරන්න තමයි උත්සාහ ගන්නේ. මේ නිසාම විවාහයෙන් පස්සේ කෝලි සහභාගි වුණ දකුණු අප්‍රිකාවේ පැවැති ටෙස්ට් තරගය නරඹන්න අනුෂ්කාත් එක් වුණා.

ඒ වගේම පෙබරවාරිවල රූගත කිරීම් කරන ZERO චිත්‍රපටයේ වැඩවලට සම්බන්ධ වෙන්න අනුෂ්කා මුම්බායි නගරයට ඇවිත් තියෙනවා.
මේ චිත්‍රපටයේ අනුෂ්කා සමඟ ෂාරුක්ගේ රංගනයක් ඔබට ඉදිරියේදී දැක ගන්න පුළුවන්.

ශාලිකා රංගනී සමරදිවාකර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon