බැඳුම්කර වාර්තාව දූෂණ වාර්තා 34 අද පාර්ලිමේන්තුවට

  👤  2116 readers have read this article !
Published by : MB WEB 2018-01-23 10:02:40

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර නිකුතුව ගැන සොයා බැලූ ජනාධිපති කොමිසම් සභා වාර්තාව සහ බරපතළ වංචා, දූෂණ ගැන සෙවූ ජනාධිපති කොමිසමේ වාර්තා 34 අද (23දා) දින තමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා "මව්බිම" පුවත්පතට ප්‍රකාශ කළේය.

සාක්ෂි විමසන ලද භාෂාවෙන්ම මෙම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඒ සඳහා ඊයේ (22දා) දින කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී පක්ෂ නායකයන් එකඟ වූ බවද කිරිඇල්ල අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මෙම ජනාධිපති කොමිසම් සභා වාර්තාවල ඊට අදාළ පරිවර්තන කටයුතු මේ වන විට සිදුකරගෙන යන බවත් එම පරිවර්තන වාර්තාද ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම ජනාධිපති කොමිෂන් සභා වාර්තා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළද අද දින එය විවාදයට නොගන්නා බවත් විවාදය පැවැත්වෙන දිනය ගැන සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිත බවත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon