ශ‍්‍රී ලංකාවට පත්ව ආ නව තානාපතිවරු පස් දෙනෙක් ජනපතිට අක්තපත‍්‍ර භාරදෙති.

  👤  1728 readers have read this article !
Published by : MB WEB 2018-01-23 13:27:27

ශ‍්‍රී ලංකාවට පත්ව ආ නව තානාපතිවරු පස් දෙනෙක් අද (23) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත‍්‍ර භාරදුන්හ.

සුඩානය, වියට්නාමය, මියන්මාරය, කොරියාව සහ චීනය සඳහා මෙලෙස නව තානාපතිවරුන් පත්ව සිටින අතර ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

01. Mr. Sirajuddin Hamid Yousif – ශ‍්‍රී ලංකාවේ සුඩාන තානාපති

02. Ms. Pham Thi Bich Ngoc – ශ‍්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි

03. Mr. Han Thu – ශ‍්‍රී ලංකාවේ මියන්මාර තානාපති

04. Mr. Lee Heon – ශ‍්‍රී ලංකාවේ කොරියානු තානාපති

05. Mr. Cheng Xueyuan – ශ‍්‍රී ලංකාවේ චීන තානාපති

විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්ය අංශය)

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon