උතුරු කොරියාවේ Moranbong girl සංගීත කණ්ඩායම ඇතුළුව 140 දෙනකුගේ දූත පිරිසක් දකුණු කොරියාවේ සංචාරයක

  👤  1693 readers have read this article !
Published by : MB WEB 2018-01-23 17:26:37

ලබන මාසයේ දකුණු කොරියාවේදී පැවැත්වීමට නියමිත ශීත ඔලිම්පික් තරගයේ සංස්කෘතික අංග සඳහා සුදුසු ස්ථාන තෝරා ගැනීම සඳහා උතුරු කොරියානු නියෝජිතයෝ කණ්ඩායමක් දකුණු කොරියාවේ දෙදින සංචාරයක නිරත වෙති.

මෙම නියෝජිත කණ්ඩායම දැඩි ලෙස ආරක්‍ෂක විධි විධාන යොදා ඇති දෙරටේ දේශ සීමාව පසුකර Grand Unification Bridge නමින් හඳුන්වන පාලම අතරින් දකුණු කොරියාව වෙත ආරක්‍ෂක රථ පරිවාර කොටගෙන ගමන් ගන්නා අන්දම රූපවාහිනි නාළිකා මඟින් පෙන්වන ලදී.

නියෝජිත කණ්ඩායමට 140 දෙනකු ඇතුළත් වෙයි.

දකුණු කොරියාවට ගිය මෙම උතුරු කොරියානු දූත පිරිසේ නායිකාව ලෙස කටයුතු කරන්නේ උතුරු කොරියාවේ සුප්‍රසිද්ධ Moranbong girl සංගීත කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරන Hyon song-wol ය. ඇය සහ 10 දෙනකුගෙන් සැදුම්ලත් සංගීත කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයෝ දකුණු කොරියානු මාධ්‍යවල ඇස පැහැරගනිමින් සිටිති.

Moranbong girl band බි්‍රතාන්‍යයේ spice girls සංගීත කණ්ඩායමට උතුරු කොරියාවේ ආදේශකවේ. එහි ප්‍රධානි Hyon song-wol උතුරු කොරියානු නායකයාගේ පෙම්වතිය බවට කතාබහක් පැතිරුණත් පසුව එය නිරීක්‍ෂකයන් විසින් ප්‍රතික්ෂේප කෙරිණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon