ඇෆ්ගනිස්ථානයේ ‘Save the Children’ ආයතනයට ප්‍රහාරයක්

  👤  2470 readers have read this article !
Published by : MB WEB 2018-01-25 12:07:57

ඇෆ්ගනිස්ථානයේ ජලාලාබාද් (Jalalabad) හි පිහිටි සේව් ද චිල්ඩර්න් (Save the Children) රාජ්‍ය නොවන ආයතනය ඉදිරිපිට කාර් බෝම්බයක් පුපුරවා හැරීමෙන් පසුව ප්‍රහාරකයන් එම ගොඩනැඟිල්ල තුළට රිංගා ඇති බව ඇෆ්ගනිස්ථාන් බලධාරීහු කියති.

ඊයේ උදේ 9.10ට පමණ බෝම්බ පුපුරවා හැරීම කර ඇත. අවි ගත් කණ්ඩායමක් ගොඩනැඟිල්ල තුළට රිංගා ඇති අතර තුවාල ලැබූ 12 දෙනකු රෝහල් ගත කර ඇත. දෙදෙනෙකු මරුමුවට පත්ව ඇත.
ගොඩනැඟිල්ලේ රැකවරණය ලැබූ ළමයින් වෙඩි හුවමාරුව අතරේ ගොඩනැඟිල්ලෙන් ඉවතට පැන ආරක්ෂක ස්ථාන කරා දුවයන අයුරු ඡායාරූපවලින් දැක්වේ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon