හැරී - මෙගාන් රාජකීය විවාහයට ට්‍රම්ප්ට ඇරයුමක් නැද්ද?

  👤  1703 readers have read this article !
Published by : MB WEB 2018-01-30 14:32:42

මැයි 19දා පැවැත්වීමට නියමිත හැරී කුමරුගේ සහ හොලිවුඩ් නිළි මෙගාන් මර්කෙල් අතර විවාහයට තමාට ඇරැයුම් කර ඇති බවක් දැනගන්නට ලැබී නැතැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රූපවාහිනි සාකච්ඡාවකදී කියා ඇත.

ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙසේ පිළිතුරු දී ඇත්තේ ධ්ඊඍ රූපවාහිනි නාළිකාවේ ඉතා ජනප්‍රිය පීරිස් මෝගන් මෙහෙයවන වැඩ සටහනකදී හැරී කුමරු සහ මෙගාන් අතර රාජකීය විවාහයට සහභාගි වන්නේදැයි ප්‍රශ්න කළ අවස්ථාවේදීය.

"එම යුවළ ඉතා ආදරණීයයි, ඔවුන් සතුටින් ඉන්නවා දකින්න මා කැමැතියි" යනුවෙන්ද ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත. ඇමෙරිකානු නිළි මෙගාන් මර්කෙල් හිලරි ක්ලින්ටන්ගේ ආධාරකාරියක ලෙස ප්‍රසිද්ධ අතර ට්‍රම්ප්ව බෙදුම්වාදියකු සහ ස්ත්‍රී විරෝධියකු ලෙස හඳුන්වා දී ඇතැයි සඳහන් වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon