ඇෆ්ගනිස්තානයේ පාකිස්තාන දේශසීමාවට ආසන්නව මැග්නිටියුඩ් 6.1ක භූමිකම්පාවක්

  👤  1740 readers have read this article !
Published by : MB WEB 2018-02-01 12:05:38

ඇෆ්ගනිස්තානයේ පාකිස්තාන් දේශසීමාවට ආසන්නව ඊයේ (31දා) උදේ ඇතිවූ මැග්නිටියුඩ් 6.1ක භූමිකම්පාවකින් එක් පුද්ගලයකු මියගොස් ඇත. තවත් පස් දෙනකුට වැඩි සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවද සඳහන් වේ. මෙම භූමිකම්පාවේ කම්පනය පාකිස්තානයේ ඉස්ලාමාබාද් මෙන්ම ඉන්දියාවේ නවදිල්ලි, ලාහෝර්, බහාවල්පූර්, කාශ්මීර් ආදී ප්‍රදේශවලටද දැනී ඇත.

භූමිකම්පාව හේතුවෙන් පාකිස්තානයේ බලුකිස්තාන් පළාතේ ගම්මානයක පිහිටි ගෙයක වහලය සහ මැටි බිත්ති කඩා වැටීමෙන් කුඩා දැරියක මියගොස් ඇත.

එහි සිටි අනෙක් පස්දෙනා තුවාල ලබා තිබේ. ඇෆ්ගනිස්තානයේ බඩක්ෂාන් (Badkhshan) පළාතට විහිදුණු කම්පන හේතුවෙන් තිදෙනකු තුවාල ලබා ඇත.

මෙම භූමිකම්පාවේ අපිකේන්ද්‍රය ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර සිට කි.මී. 265ක් ඊසානට හා පොළොව මතුපිටින් සැතපුම් 119ක් අභ්‍යන්තරයට පිහිටි බවද සඳහන් වේ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon