“සිඳූ” ටෙලියේ රාහුල හිමි හොරෙක් වුණු අරුමය
ඉන්දිකව මේ දවස්වල පුංචි තිරයේදී අපිට හමුවෙන්නේ සිඳූ නාට්යයෙන්කො හොමද ඒ අවස්ථාව ලැබුණේ?
තිළිණ බොරලැස්ස මහත්තයා, ප්‍රගීත් මානවඩුව මහත්මයා සහ ජානක සිරිවර්ධන මහත්මයාගෙයි සාකච්ඡාවකින් පස්සේ මාව මේ චරිතයට සුදුසුයි කියලා තෝරාගෙන තිබුණා. ඒත් එක්ක තමයි සිඳු ටෙලි නාට්‍යයේ රාහුල හාමුදුරුවන්ගේ චරිතයට මට සම්බන්ධ වෙන්න ලැබුණේ.
කලින් ඉඳන්ම රංගන ක්ෂේත්රයට සම්බන්ධ වෙලා හිටියත් ඔබ ප්‍රේක්ෂකයන් අතරට ගියේ සිඳූ නිසා නේද?
ඔව්, මම 1998 ඉඳලා වෙළෙඳ දැන්වීම්, වේදිකා නාට්‍ය සහ චිත්‍රපටවලට සම්බන්ධ වෙලා හිටියා. ඒත් මාව ඉස්මතු වෙලා පෙනුණේ සිඳූ හරහා තමයි.
ඉන්දික මුලින්ම එන්නේ වේදිකාවට?
ඔව්. මම මුලින්ම සහභාගි වුණේ 21 ශ්‍රී කියන වේදිකා නාට්‍යයට. පස්සේ මම තවත් ගොඩක් රංගන කටයුතුවලට සහභාගි වුණා.
අලුත් වැඩකට සම්බන්ධ වුණා කියලත් ආරංචියි?
කලාභූෂණ ස්ටැන්ලි හෙට්ටිආරච්චි මහත්මයා අධ්‍යක්ෂණය කරන කුණ්ඩලකේශී වේදිකා නාට්‍යයට සම්බන්ධ වුණා. ප්‍රධාන කළමනාකරු සහ සම්බන්ධීකරණ නිලධාරි පාලිත බී. රත්නායක, මගේ යාළුවා හරහා තමයි මට එයට සම්බන්ධ වෙන්න ලැබුණේ. ඒ වගේම මට මේ නාට්‍යයේ නිෂ්පාදන කටයුත්තත් කරන්න ලැබුණා.
තව කවුද මේකට සම්බන්ධ වෙන්නේ?
මහින්ද පතිරගේ මහත්මයා, ඉවංකා පීරිස් මහත්මිය, පාලිත බී. රත්නායක සහ මම තමයි ප්‍රධාන චරිතවලට දායක වෙන්නේ. සෙසු චරිතත් එක්ක චරිත 13ක් තියෙනවා. සංගීතමය දායකත්වය කලාභූෂණ විශාරද චන්ද්‍රා අරන්ගල්ල, විදුලි ආලෝකකරණය වසන්ත කුමාරගේ, වේශ නිරූපණය කරන්නේ තාරක අධිකාරි.
රාහුල හාමුදුරුවන්ට පණ පොවපු ඉන්දික දැන් හොරෙක් නේද?
ඔව්. ඇත්තටම මම මේ වේදිකා නාට්‍යයේ හොරෙක්ගේ චරිතයක් තමයි රඟපාන්නේ. මේ චරිතය මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වෙනවා.
දැන් තිබෙන පසුබිම යටතේ නාට්‍ය කරලා ප්‍රේක්ෂකයන් අතරට ගෙනියන්න පුළුවන් කියලා හිතනවද?
දැන් නාට්‍ය පාසල් මට්ටමිනුත් පෙන්වන්න හැකියාව ලැබිලා තියෙනවා. අනික ප්‍රේක්ෂකයාගේ ප්‍රශ්නයක් නෙමෙයි මෙතැන තියෙන්නේ. හොඳ නිර්මාණ නැතිකමයි. හොඳ නිර්මාණ කළොත් ප්‍රේක්ෂකයන් අතරට ගෙනියන්න පුළුවන්.
පුංචි තිරයේ අධ්යක්ෂණ කටයුතුවලට අත ගහන්න අදහසක් නැද්ද?
හිතේ නැතිවම නෙමෙයි. ඒක සිහිනයක් විදිහට තියෙනවා. එය අනාගතයේ කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.
ඔබ ඡායාරූප ශිල්පියෙක්. ඒ හැකියාව දැන් යටපත් කරගෙනද?
දැන් රංගන කටයුතුවලට වැඩි ඉඩක් දීලා තියෙනවා. ඒ නිසා ඡායාරූප ශිල්පියාගේ භූමිකාව ටිකක් යටපත් වෙලා.
එතකොට වැඩි බර රංගනයටද?
ඔව්. දැනට එහෙම වෙලා තියෙනවා. මගේ දැඩි ආශාවක් තියෙන්නේ රංගනයට. ඒ නිසා ඒ පැත්තට බර වැඩිවෙලා.
ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්
අද මව්බිමෙන්
- ජනාධිපති කොමිසම කබීර් හෂීම්ගෙන් පැය 04ක් කරුණු විමසයි 🕔2019-02-22
- නීති විරෝධී ක්‍රියාවල යෙදෙන ධීවරයන්ගේ බලපත්‍ර ජීවිත කාලයටම තහනම් 🕔2019-02-22
- ඥානසාර හිමි නඩු තීන්දු සම්බන්ධව සංඝාධිකරණයකින් විමසා බලන්නැයි බොදුබල සේනා ඉල්ලයි 🕔2019-02-22
- ඥානසාර හිමි නඩු තීන්දු සම්බන්ධව සංඝාධිකරණයකින් විමසා බලන්නැයි බොදුබල සේනා ඉල්ලයි 🕔2019-02-22
- ගල්ගමුවේ පණ්ඩුක ඇතා මිය ගොස් ඇත්තේ මුඛයේ හා උගුරේ ඇතිවූ ආසාධනයකින් 🕔2019-02-22
- එක් කෝටි හැටතුන් ලක්ෂයක රන්බඩු හා රන් බිස්කට් ගෙනැල්ලා 🕔2019-02-22
- අයිස් හොයන්න ගිහින් මදුක මැරුම්කයි 🕔2019-02-22
- ළමයින් ඇතුළු 11 දෙනකු පැහැර ගැනීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් 6 වැනිදා දක්වා රිමාන්ඩ් 🕔2019-02-22
- මාධ්‍යවේදියකුට පහර දුන් පොලිස් පරීක්ෂකවරයා රු. 50,000ක ඇප මත මුදා හරියි 🕔2019-02-22
- පාසල් දරුවකුත් සමඟ හෙරොයින් ජාවාරමේ යෙදුණු කාන්තාවක් අත්අඩංගුවට 🕔2019-02-22
- ඊශ්‍රායලයට වන්දනාවේ ගිය පිරිසක් පිටුවහල් කරති 🕔2019-02-22
- අලි නඩුව විභාග කිරීමට බලයක් තිබේද යන්න තීන්දුව මාර්තු 7 වැනිදා 🕔2019-02-22
- දඹාන පෞද්ගලික කෞතුකාගාරයක තිබූ බලපත්‍ර රහිත සත්ත්ව හා ශාක කොටස් සමග සැකකරු අත්අඩංගුවට 🕔2019-02-22
- සැබෑ සිංහල බෞද්ධයන් වැඩ කරනවා මිස බෙර ගහන්නේ නෑ 🕔2019-02-22
- ජනතාව පාර්ලිමේන්තුවට පත්කරලා එවන්නේ කුඩුකාරයෝද? 🕔2019-02-22
- මත්ද්‍රව්‍ය භාවිත කරන ඇමැතිවරුන් ගැන සොයන කමිටුව ගැන අපිට විශ්වාසයක් නෑ 🕔2019-02-22
- ගුරුවරයයි බිරියයි මාර ගහක් උඩ මාර උපවාසයක 🕔2019-02-22
- ග්ලෝරියස් රෙසිඩන්සීස් නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවරීම හෙටමb 🕔2019-02-22
- යාපනයේ පාසලක ක්‍රීඩා උළෙලක ඊළාම් සිතියමක් 🕔2019-02-22
- පළාත් සභා ඡන්දය ඉක්මන් කිරීමට ගතයුතු පියවර ගැන ජනපති - විපක්ෂ නායක සාකච්ඡාවක් අද 🕔2019-02-22