කෝලි මංගල මුදුව සිප ගන්නා රහස

  👤  2027 readers have read this article !
Published by : MB WEB 2018-02-05 16:48:30

අනුෂ්කා - විරාත් කෝලි යුවළගේ විවාහය සිදුවෙලා මාසයකටත් වඩා ගතවුණත් තාමත් මේ යුවළ ගැන නිතරම කතාබහ වෙනවා. මේ කතාබහ අලුත් කරන තවත් සිදුවීමක් පසුගියදා දකුණු අප්‍රිකාවේ පැවැති ක්‍රිකට් තරගයේදී කාටත් දැකගන්නට ලැබුණා.

ඒ විරාත් කෝලිගේ නායකත්වයෙන් පැවැත්වුණු ක්‍රිකට් තරගයේදීයි. විවාහයෙන් පසු කෝලි සහභාගි වූ පළමු ක්‍රිකට් තරගයේදී නම් අපිට ඔහුගේ දස්කම් දැකගන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඒ වුණත් කෝලි දෙවැනි තරග වටයේදී ලකුණු 150ක් ලබා දක්ෂ ලෙස තරග කළේ හැමෝම පුදුම කරමින්.

මේ අවස්ථාවේ දැනුණු සතුට නිසා කෝලි ඔහුගේ ගෙලෙහි බැඳි මාලයේ රඳවා තිබූ මංගල මුදුව සිප ගැනීමේ දර්ශනය කාගෙත් කතාබහට ලක්වන්නට වුණා. මේ වනවිටත් අනුෂ්කා සහභාගි වී සිටියේ මුම්බායි නුවර ඇගේ නවතම ඛඥපධ චිත්‍රපටයේ රූගත කිරීම්වලයි. මේ යුවළ කොයිතරම් කාර්යබහුල වුණත් ඉඩ ලැබෙන හැම වෙලාවෙම එකටම කාලය ගත කරන්න තමයි උත්සාහ ගන්නේ. කෝලිගේ හැම සාර්ථකත්වයකදීම ඔහු ළඟින්ම ඉන්න ආදරණීය බිරිය සිහිපත් කරන සංකේතයක් විදියට තරග පිටියේදීම ඔහුගේ මංගල මුදුව සිප ගැනීම හැමෝගෙම අවධානය දිනා ගත්තා.

ශාලිකා රංගනී
සමරදිවාකර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon