ටෙස්ට් තරගාවලියේ බලය ගන්න දෙවැනි සටන අද ඇරැඹේ

  👤  1375 readers have read this article !
Published by : MB WEB 2018-02-08 09:48:33

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය අද (08දා) ඩකා හි ෂෙහෙරා බංග්ලා ක්‍රීඩා පිටියේදී ආරම්භ වෙයි.

මෙම ක්‍රීඩා පිටියේදී දෙපිල අතර තෙවැනි තරගය ලෙස පැවැත්වෙන මෙම තරගයට පෙර 2008 හා 2014 වසරේදී පැවැති තරග දෙකෙහිම ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම සතුව ඇති නමුත් අවසන් වරට පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඕස්ට්‍රේලියානුවන් සමඟ පැවැති ටෙස්ට් තරගය මෙන්ම එංගලන්තය සමඟ 2016 වසරේදී පැවැති ටෙස්ට් තරගයද බංග්ලාදේශය ජයගෙන තිබීම විශේෂත්වයකි.

දෙරට අතර පැවැති පළමු තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වී ඇති බැවින් අද ආරම්භ වන තරගය ජයගෙන ටෙස්ට් තරගාවලිය ජයගැනීම කණ්ඩායම් දෙකෙහිම අදහස වී ඇතිවාට සැක නැත.

කෙසේ වෙතත් පෙර තරගය පැවැති චිතගොංහි ෂහූර් අහමඩ් චව්ද්රි තණතීරුව මෙන්ම මෙම තණතීරුවද දඟ පන්දු යවන්නන්ට හිතකරව ඇති බැවින් අද තරගයේදී දෙපිලම දඟ පන්දු යවන්නන් තිදෙනකු යොදාගනු ඇති බව වාර්තා වේ. එහෙයින් පෙර තරගයේදී මෙන්ම රංගන හේරත්, දිල්රුවන් පෙරේරා හා ලක්‍ෂාන් සඳකැන් කණ්ඩායමට යොදවාගනිමින් ළහිරු කුමාර වෙනුවට ළහිරු ගමගේ හෝ දුෂ්මන්ත චමීර කණ්ඩායමට එකතුවීමට ඉඩ ඇති බවද දැනගන්නට ඇත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon