පොහොට්ටුව පර වීමට ඉඩ නොදී ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑම අප සතු කාර්යයක්
උපතිස්ස පෙරේරා
ලක් දෙරණ මත පිපී ඇති පොහොට්ටුව පරවීමට ඉඩ නොදී එය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑම අප සතු කාර්යයක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්ධනය කරලීමට පියවර ගන්නා ලෙස පවසමින් ඔබතුමන් වටා රැස්වන කපුවන්ගෙන් සහ කේවට්ටයන්ගෙන් බේරී ඉහළට නැඟි ඉණිමඟ ආරක්ෂා කරගෙන ජනතාවගේ ඕනෑ එපාකම් ඉටුකරමින් පොහොට්ටුව ඉදිරියේ තබාගෙන ජනතා මෙහෙවරට කැපවන ලෙස පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත උපදේශාත්මක සන්දේශයක් යවමින් සඳහන් කරයි.
එම සන්දේශයේ මෙසේද සඳහන් වෙයි.
එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කොට 56 මහා විප්ලවයක් ආරම්භ කළේය. එවකට බණ්ඩාරනායක චින්තනය මේ රටේ උන්නතියට පිටිවහලක් විය. එහෙත් බණ්ඩාරනායක අගමැතිතුමාගේ ඝාතනයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමියට උරුම වූ බව නොරහසකි.
ඉන්පසුව එහි නායකත්වය ඔබතුමාටද උරුම වූ බව සමස්ත රටවාසීන් දන්නා කරුණකි. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වූ සෑම අවස්ථාවකදීම ගරු මාදුළුවාවේ සෝභිත නාහිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ලබුදූවේ සිරිධම්ම නාහිමි, අස්ගිරි විහාර පාර්ශ්වයේ අනුනායක හාල්යාලේ සුමනතිස්ස නාහිමි, විජය කුමාරතුංග මැතිතුමා ඇතුළු අප එක්වී නාරාහේන්පිට අභයාරාමයේදී දීර්ඝ සාකච්ඡා කොට වෙන්වී ගිය, කැඩී ගිය සියලු දෙනා ඒකරාශි කළ බව අතීතයේ තතු දන්නෝ දනිති. ඉහත සඳහන් අප කිහිපදෙනා මහනුවර හාල්යාලේ සුමනතිස්ස නාහිමි වැඩ සිටි අස්ගිරි පන්සලට එකතු වී පවත්නා තත්ත්වය පිළිබඳ මනා සාකච්ඡාවක් පැවැත්වූහ. එහිදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඉදිරිපිට ලබුදූවේ සිරිධම්ම නාහිමි ප්‍රකාශ කළේ මේ වෙන්වී කැඩී බිඳී ගිය පක්ෂය එකතු කිරීමට කටයුතු නොකළ හොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කළ යක්ෂණිය වශයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඉතිහාසගත වන බව එතුමියගේ මුහුණටම අභීතව ප්‍රකාශ කළහ.
ඒ උතුම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවතත් විනාශ කළ වර්තමාන ජනාධිපතිවරයාටද අපට කිවහැක්කේ එම වචනයයි. ඔහු සමඟ සාකච්ඡා කළ මොහොතක මා විසින්ද එතුමාට පැහැදිලි කර දුන්නෙමි. බණ්ඩාරනායක මැතිතුමා පිහිටු වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් අද නැත. අද ඇත්තේ ඩාලි පාරේ තිබෙන බෝඩ් ලෑල්ල පමණි. ඒ බෝඩ් ලෑල්ලෙන් ඇතිවූ අගතිය නිසාම නව පක්ෂයක් බිහිකර ගැනීමට හැකිවිය. එනම් පොහොට්ටුව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ඒ පොහොට්ටුව තුළ මහජනයා තැබූ විශ්වාසය අද තහවුරු වී ඇත. ඉතාම කෙටි කාලයකින් විශාල බලයක් ලබාගැනීමට හැකිවූයේය. ඒ ඔබතුමාගේ නමටය. මේ තරම් ජනතා ප්‍රසාදයක් ලබාගෙන අසීමිත බලයක් ලබාගැනීමට හැකිවූ එකම පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුවයි.
මේ රටේ මා ඇතුළු මහ සඟරුවන ඔබතුමා කෙරෙහි තැබූ විශ්වාසය මේ ආකාරයටම පවත්වාගෙන යනු ඇතැයි මා විශ්වාස කරමි.
අද මව්බිමෙන්
- ජනාධිපති කොමිසම කබීර් හෂීම්ගෙන් පැය 04ක් කරුණු විමසයි 🕔2019-02-22
- නීති විරෝධී ක්‍රියාවල යෙදෙන ධීවරයන්ගේ බලපත්‍ර ජීවිත කාලයටම තහනම් 🕔2019-02-22
- ඥානසාර හිමි නඩු තීන්දු සම්බන්ධව සංඝාධිකරණයකින් විමසා බලන්නැයි බොදුබල සේනා ඉල්ලයි 🕔2019-02-22
- ඥානසාර හිමි නඩු තීන්දු සම්බන්ධව සංඝාධිකරණයකින් විමසා බලන්නැයි බොදුබල සේනා ඉල්ලයි 🕔2019-02-22
- ගල්ගමුවේ පණ්ඩුක ඇතා මිය ගොස් ඇත්තේ මුඛයේ හා උගුරේ ඇතිවූ ආසාධනයකින් 🕔2019-02-22
- එක් කෝටි හැටතුන් ලක්ෂයක රන්බඩු හා රන් බිස්කට් ගෙනැල්ලා 🕔2019-02-22
- අයිස් හොයන්න ගිහින් මදුක මැරුම්කයි 🕔2019-02-22
- ළමයින් ඇතුළු 11 දෙනකු පැහැර ගැනීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් 6 වැනිදා දක්වා රිමාන්ඩ් 🕔2019-02-22
- මාධ්‍යවේදියකුට පහර දුන් පොලිස් පරීක්ෂකවරයා රු. 50,000ක ඇප මත මුදා හරියි 🕔2019-02-22
- පාසල් දරුවකුත් සමඟ හෙරොයින් ජාවාරමේ යෙදුණු කාන්තාවක් අත්අඩංගුවට 🕔2019-02-22
- ඊශ්‍රායලයට වන්දනාවේ ගිය පිරිසක් පිටුවහල් කරති 🕔2019-02-22
- අලි නඩුව විභාග කිරීමට බලයක් තිබේද යන්න තීන්දුව මාර්තු 7 වැනිදා 🕔2019-02-22
- දඹාන පෞද්ගලික කෞතුකාගාරයක තිබූ බලපත්‍ර රහිත සත්ත්ව හා ශාක කොටස් සමග සැකකරු අත්අඩංගුවට 🕔2019-02-22
- සැබෑ සිංහල බෞද්ධයන් වැඩ කරනවා මිස බෙර ගහන්නේ නෑ 🕔2019-02-22
- ජනතාව පාර්ලිමේන්තුවට පත්කරලා එවන්නේ කුඩුකාරයෝද? 🕔2019-02-22
- මත්ද්‍රව්‍ය භාවිත කරන ඇමැතිවරුන් ගැන සොයන කමිටුව ගැන අපිට විශ්වාසයක් නෑ 🕔2019-02-22
- ගුරුවරයයි බිරියයි මාර ගහක් උඩ මාර උපවාසයක 🕔2019-02-22
- ග්ලෝරියස් රෙසිඩන්සීස් නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවරීම හෙටමb 🕔2019-02-22
- යාපනයේ පාසලක ක්‍රීඩා උළෙලක ඊළාම් සිතියමක් 🕔2019-02-22
- පළාත් සභා ඡන්දය ඉක්මන් කිරීමට ගතයුතු පියවර ගැන ජනපති - විපක්ෂ නායක සාකච්ඡාවක් අද 🕔2019-02-22