අසේලත් වේලාසනින්ම ගෙදර එයි

  👤  2130 readers have read this article !
Published by : MB WEB 2018-02-16 12:27:39

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැති පළමු විස්සයි-20 තරගය වෙනුවෙන් සිදු කරන ලද පුහුණුවීම් අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න දකුණු අතේ ආබාධයකට ලක්වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ලබන ඉරිදා (18දා) බංග්ලාදේශය සමඟ පැවැත්වෙන විස්සයි - 20 තරගාවලියට අසේල ක්‍රීඩා නොකරන බවත්, ඔහු ශ්‍රී ලංකාවට පැමිණි විගස එම්.ආර්.අයි. පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිත බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි. කෙසේ වෙතත් බංග්ලාදේශය සමඟ තරග වදින ශ්‍රී ලංකා විස්සයි - 20 සංචිතය තුළ අසේලගේ ඉවත් වීමත් සමඟ ඇතිවන පුරප්පාඩුව සඳහා වෙනත් කිසිදු ක්‍රීඩකයකු නම් නොකරන බවද එම නිවේදනයේ සඳහන්ය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon