බොලිවුඩ් තරුවල අමුතු චැලේන්ජ් එක

  👤  2209 readers have read this article !
Published by : MB WEB 2018-02-18 15:25:37

මේ දිනවල බොලිවුඩයම කලඹවමින් Instagram හා Twitter සමාජ ජාල හරහා අමුතුම ආකාරයේ ඡායාරූප කිහිපයක් දැක ගන්නට ලැබෙනවා. බොලිවුඩ් තරු කිහිපදෙනෙක්ම කාන්තා සනීපාරක්‍ෂක තුවා ප්‍රදර්ශනය කරමින් තමයි මේ ඡායාරූපවලට පෙනී සිටියේ.Pad challenge නමින් හඳුනාගත් මේ අභියෝගය බොලිවුඩ් තරු අතර හුවමාරු වුණේ පෙබරවාරි 9 වැනි දින තිරගත වන්නට සූදානම් වූ "පෑඩ් මෑන්" චිත්‍රපටයේ ප්‍රචාරණය වෙනුවෙනුයි.

මේ තරු කාන්තා සනීපාරක්‍ෂක තුවා ප්‍රදර්ශනය කරමින් ගත් ඡායාරූපය ට්විටර් හරහා තම හිතවතුන්ට Tag කළේ අභියෝගයක් විදියටයි. කොහොම වුණත් මේ අභියෝගය භාර ගත්ත බොහෝ දෙනා පවසන්නේ කාන්තා සනීපාරක්‍ෂක තුවා සඟවා තබා නොගත යුතු බව හා එයට බිය නොවිය යුතු බවත්ය.
මේ Pad challenge එකේදී සනීපාරක්‍ෂක තුවා අතට ගෙන පෙනී සිටි ඡායාරූපවල දීපිකා පදුකෝන්, සෝනම් කපූර්, අර්ජුන් කපූර්, ආලියා බාත් වගේම මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පෙනී සිටින අක්ෂේ කුමාර් හා එහි නිෂ්පාදිකා ට්වින්කල් කන්නාත් අපිට දැක ගන්න ලැබුණා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon