සල්මන්ට, බොබීට අමතක නොවුණ ප්‍රිතී

  👤  2466 readers have read this article !
Published by : MB WEB 2018-02-19 17:15:58

කාලයක් හින්දි සිනමාවේ දඟකාර පෙම්වතිය ලෙස රසිකයන්ට සමීප වුණු ප්‍රීති සින්ටා දැන් නම් ටිකක් සිනමාවෙන් අෑත්වෙලා. ඒ කොහොම වුණත් ප්‍රීතිට ආදරය කරන ඇගේ සමීපතම බොලිවුඩ් හිතවතුන්ට නම් ඇය තවමත් ආදරණීය සුවිශේෂී හිතවතියක්.

මේ නිසාම සල්මන් ඛාන් හා බොබී ඩියෝල් පසුගියදා යෙදී තිබුණු ප්‍රීතිගේ උපන් දිනය වෙනුවෙන් උපන් දින සාදයකුත් සැලසුම් කළා. ඇයට සුබ පතන්නට පැමිණි මේ හිතවතුන් නිසා ඇයත් පුදුමයට පත්වුණා. සල්මන්, බොබී විතරක් නෙවෙයි Race 3 චිත්‍රපටයේ රූගත කිරීම් අතරේ සංවිධානය වුණු මේ සර්ප්‍රයිස් පාටියට තවත් බොලිවුඩ් තරු කිහිපදෙනකුත් එක් වුණා.

Har dil jo pyaar karega, chori chori chupke chupke, heroes චිත්‍රපටවල එකට රංගනයේ යෙදුණු ප්‍රීති හා සල්මන්ගේ ළෙන්ගතුකම අදටත් නොවෙනස්ව තියෙන බව සනාථ කරන්න නම් මේක හොඳම අවස්ථාවක්.

බොබී ඩියෝල් සමඟත් ඇය 1998 වසරේ පටන්ම රංගනයේ යෙදුණා. සිනමාවේ හිතවතුන් වුණු මේ පිරිස අදටත් ඇගේ සමීපතම මිතුරන් අතරට එක් වන්නේත් ඒ අයගේ හිතේ තියෙන ළෙන්ගතුකම, ආදරය නිසාමයි. තමන්ට සුබ පතන්නට ආව සල්මන්, බොබී හිතවතුන්ට ස්තුති කරලා ප්‍රිති instagram සමාජ ජාල වෙබ් අඩවියේ ඡායාරූප කිහිපයකුත් පළ කළේ ඇගේ ආදරයත් එක්කරමින්.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon