කිලිනොච්චියේ සත්‍යග්‍රහයට අදට දින 365ක්

  👤  2049 readers have read this article !
Published by : MB WEB 2018-02-20 11:07:18

යුද සමයේ හා පශ්චාත් යුද සමයේදී අතුරුදන් වූ තම දරුවන් හා ඥාතීන් සොයා දෙන්නැයි ඉල්ලමින් අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් කිලිනොච්චියේදී ආරම්භ කොට ඇති සත්‍යග්‍රහ ව්‍යාපාරයට අදට (20) දිනට දින 365ක් හෙවත් වසරක් සපුරනු ඇත.

එහෙත් මෙතෙක් තම ඉල්ලීම් වෙනුවෙන් කිසිදු සහනයක් හෝ විසඳුමක් රජයේ පාර්ශ්වයෙන් ලැබී නැතැයි එම සත්‍යග්‍රහ ව්‍යාපාරයේ නියුතු විරෝධතාකරුවෝ පවසති.

ආණ්ඩුවේ ඉහළම බලධරයන් විසින් අතුරුදන් වූවන් පිරිසක් මෙරට නොමැති බවට සිදු කොට ඇති ප්‍රකාශය හේතුවෙන් තමන්ට සාධාරණ විසඳුමක් ලැබෙනු ඇතැයි පවතින විශ්වාසය අල්ප බැවින් ඉදිරියේදී තම විරෝධතා ව්‍යාපාරයේ ස්වරූපය වෙනස් කිරීමට කටයුතු කරන බවද ඔවුන් සඳහන් කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon