සරසවි අනධ්‍යයන සේවක දීප ව්‍යාප්ත වැඩ වැරුම 28දා

  👤  2262 readers have read this article !
Published by : MB WEB 2018-02-20 14:47:47

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ ඉල්ලීම්වලට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා, උසස් අධ්‍යාපන ඇමැතිවරයා ඇතුළු වගකිවයුතු කිසිදු පාර්ශ්වයකගේ අවධානය මෙතෙක් යොමු වී නැති බැවින් සියලු අනධ්‍යයන සේවකයන් එළැඹෙන 28 වැනිදා සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ පවසයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාට හා උසස් අධ්‍යාපන ඇමැතිවරයාට සිය කමිටුව හා එකඟ වූ එකඟතා ක්‍රියාවට නැංවීමට වසර 1 1/2ක් යන තුරු නොහැකි වූ බවද එම එකඟතා ක්‍රියාවට නංවනවා තබා පැවැත්වූ උද්ඝෝෂණ ව්‍යාපාර සහ සිදුකළ සාකච්ඡා පිළිබඳ කිසිදු වගවිභාගයක් නොකොට නිහඬව සිටීම පිළිකුල් සහගත බවද හෙතෙම පැවැසීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon