ක්‍රයිස්චර්ච් සහ තවත් දිස්ත්‍රික්ක දෙකකට ගිටා කුණාටුවෙන් දැඩි බලපෑම්

  👤  1727 readers have read this article !
Published by : MB WEB 2018-02-20 17:20:03

ගිටා කුණාටුව හේතුවෙන් නවසීලන්ත දකුණු දූපතේ පිහිටි ක්‍රයිස්චර්ච් සහ තවත් දිස්ත්‍රික්ක දෙකකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇත.

කුණාටුව හේතුවෙන් පස් කඳු කඩා වැටීම නිසා පාසල් විශාල සංඛ්‍යාවක් සහ මාර්ග ද වසාදමා ඇත.

නවසීලන්ත ජාතික ගුවන් සේවය උතුරු දිවයිනේ වෙලිංටන් වෙත කෙරෙන සියලුම ගුවන් ගමන් අවලංගු කර ඇත.

පැයට කි.මි. 150 ඉක්මවූ සුළං තත්ත්වයක් සහ ගංවතුර අපේක්ෂා කරන ලෙස පදිංචිකරුවන්ට දැනුම්දී තිබේ.

"කුණාටුවේ උපරිම බලපෑම රාත්‍රිය පුරා සහ පසුදා උදෑසන දක්වා පවතීවි" ක්‍රයිස්චර්ච් නගරාධිපතිනි ලියෑන් ඩියෙල් පැවසීය.

"නිවාස ගංවතුරෙන් යටවෙතැයි අපේක්ෂා කරන බැවින්", පහත් බිම්වල පදිංචිකරුවන්ට ඉන් ඉවත්වන ලෙස ඇය අයැද සිටියාය.

කුණාටුව දැඩිව බලපාන්නේයැයි සැලකෙන ප්‍රදේශවලට හමුදාව පිටත්කර යැවූ බව අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩෙන් පවසන්නීය. වෙලිංටන්හි පිහිටුවා ඇති ජාතික සිවිල් ආරක්ෂක කාර්යාලය සූදානමින් තබා ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

"ප්‍රාදේශීය දැනුම්දීම් පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත්, ගමනා ගමනයට සිදුවිය හැකි බාධා පිළිබඳව අපේක්ෂාවෙන් සිටින ලෙස හා ප්‍රවේශම් වනලෙසත් මහජනයාගෙන් මා කාරුණිකව ඉල්ලා සිටිනවා" ඇය පාර්ලිමේන්තුවේදී වාර්තාකරුවන්ට පැවසුවාය.

පසුගිය සතියේදී ගිටා කුණාටුව පැසිෆික් සාගරයේ ටොන්ගා සහ ෆීජි දූපත් වලට බලපාන ලදී. විශේෂයෙන්ම, ටොංගා දිවයිනේ පාර්ලිමේන්තුව ඇතුළු ගොඩනැගිලි කඩාවැටුන අතර බොහෝ පුද්ගලයන්ට තුවාල සිදුවිය.

(BBC)

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon