කේවල හා යුගල ශූරතා දෙකම ලංකාවට

  👤  1455 readers have read this article !
Published by : MB WEB 2018-02-21 15:43:58

පසුගියදා නිමාවට පත්වූ ශ්‍රී ලංකා විවෘත රෝද පුටු ටෙනිස් තරගාවලියේදී කේවල ශූරතාව දිනාගන්නට ශ්‍රී ලංකා රෝද පුටු ටෙනිස් ශූරයකු වන ගාමිණී දිසානායක සමත් වූ අතර අවසන් මහා තරගයේදී කොරියානු ක්‍රීඩක හා-ජෙල්-ලී තරග වට 6-2ක් සහ 6-4ක් ලෙස දිසානායක හමුවේ පරාජයට පත්විය.

කොරියානු ක්‍රීඩක යුගලය වන සැන්-හෝ-ඕ සහ හා-ජෙල්-ලී තරග වට දෙකම 6-4ක් හා 6-4ක් ලෙස පරාජයට පත්කල ශ්‍රී ලංකා ක්‍රීඩක යුගලය වන ඩී. එස්. ආර්. ධර්මසේන සහ ආර්. ඒ. එල්. එස්. රණවීර විසින් යුගල ශූරතාවට හිමිකම් කියන ලදී.

පසුගියදා කොළඹදී නිමාව දුටු මෙම තරගාවලියේ කේවල අර්ධ අවසන් පූර්ව තරගයේදී, මීගමුව ජාත්‍යන්තර විවෘත රෝද පුටු තරගාවලියේ ශූරයා වූ ඩී. එස්. ආර්. ධර්මසේන, ගාමිණී දිසානායක හමුවේ පරාජයට පත්ව තිබූ අතර අවසන් පූර්ව වටයේදී දිසානායක හමුවේ නෙදර්ලන්ත ජාතික කාලෝස් ඇන්කර් පරාජය වී තිබිණි.

කෙසේ වෙතත් දිසානායක මේ වන විට රෝද පුටු ටෙනිස් ක්‍රීඩකයන්ගේ ලෝක ශේ්‍රණිගත කිරීම් ලැයිස්තුවේ 72 වැනි ස්ථානය හිමිකරගෙන ඇති අතර ඔහු පසුගිය වසරේ ලෝක ශේ්‍රණිගත කිරීම්හී 45 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබීමද විශේෂත්වයකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon