හෙට සහ අනිද්දා එස්.එස්.සී. පිටියේදී

  👤  1720 readers have read this article !
Published by : MB WEB 2018-02-22 14:28:15

කොළඹ ඉසිපතන විද්‍යාලය හා තර්ස්ටන් විද්‍යාලය අතර 55 වැනි වරටත් පැවැත්වෙන 'සහෝදර සංග්‍රාමය' වාර්ෂික මහා ක්‍රිකට් තරගය හෙට සහ අනිද්දා (23 සහ 24) යන දෙදින කොළඹ එස්.එස්.සී පිටියේදී පැවැත්වීමට නියමිතය.

මෙවර තරගයේදී දෙපිලේම පළමු ඉනිම පන්දුවාර 60කට සීමා කිරීමට ඉසිපතන සහ තර්ස්ටන් ඒකාබද්ධ කමිටුව තීරණය කර ඇති අතර උණුසුම් මුහුණුවරක් ගත් ප්‍රතිඵලයක් සහිත තරගයක් දැකබලා ගැනීමට මෙම තීරණය ගෙන ඇති බවට තර්ස්ටන් විදුහලේ ක්‍රිකට් කමිටු සභාපති ගුණතිලක මහතා තරගය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

කෙසේ වෙතත් තර්ස්ටන් විද්‍යාලයේ නායකයා ලෙස නිපුන් ලක්ෂාන් කටයුතු කරන අතර ඉසිපතන විද්‍යාලයේ නායකයා ලෙස අයන සිරිවර්ධන කටයුතු කරයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon