'ලෝකයේ විශාලතම මොලයේ ගෙඩිය' ඉවත්කළ වෛද්‍යවරු

  👤  2454 readers have read this article !
Published by : MB WEB 2018-02-23 12:11:39

තිස් එක් වියැති පුද්ගලයෙකුගේ මොලයේ හටගත් කිලෝග්‍රෑම් 1.8 ක් බරැති ගෙඩියක් සැත්කමකින් ඉවත් කිරීමට ඉන්දීය වෛද්‍ය කණ්ඩායමක් සමත් වූහ.

මෙය ලෝකයේ දැනට වාර්තා වී ඇති විශාලතම 'මොලයේ ගෙඩිය' බව සඳහන් වෙයි.

පෙබරවාරි 14 වැනිදා මුම්බායි නුවර රෝහලක සිදු කළ මෙම සැත්කමට පැය හතක කාලයක් ගත වී තිබේ.

සැත්කමෙහි පැවති අවදානම් තත්වය හේතුවෙන් එය සිදුවන අකාරය ප්‍රසිද්ධ නොකිරීමට වෛද්‍යවරුන් තීරණය කර ඇත.

ස්නායු ශල්‍ය වෛද්‍ය ත්‍රිමුර්ති නද්කාර්නි පැවසුවේ "දැන් තියෙන්නේ සුවය ලැබීම. හැබැයි ඔහු දැන් අවදානම් තත්වයෙන් ඈත් වෙලා," බවය.

උතුරු ඉන්දීය උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ වෙසෙන සාප්පු සහායකයෙකු වන සන්ත්ලාල් පාල් ඔහුගේ මොලයේ හටගත් ගෙඩියෙන් වසර තුනක් පමණ පීඩා විඳ ඇත.

මොලයේ ගෙඩිය හේතුවෙන් පාල්ගේ ඇස් පෙනීම නැති වී ඇතත්, ක්‍රමයෙන් සුවය ලබද්දී පෙනීම නැවතත් ලැබෙනු ඇති බව වෛද්‍යවරු ප්‍රකාශ කරති.

මෙම ගෙඩිය සැත්කමකින් ඉවත් කිරීම රෝහල් තුනක වෛද්‍යවරුන් ප්‍රතික්ෂේප කළ බව පාල්ගේ බිරිඳ පැවසුවාය.

"මේවගේ සැත්කම් ඉතා අවදානම්" වෛද්‍ය නද්කාර්නි පැවසුවේය.

සැත්කම අතරතුර පාල්ට රුධිර ඒකක එකොළහක් ලබාදීමට සිදු වූ අතර, සැත්කමෙන් පසු දින කීපයක් හුස්ම ගැනීම පහසු කරන උපකරණයකට සම්බන්ධ කර තැබීමට සිදු වූ බව වෛද්‍යවරයා තවදුරටත් පැවසුවේය.

(BBC)

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon