දුම්රිය මාර්ග අනතුරු වැළැක්වීමට කෙටිකාලීන හා දිගුකාලීන සැලසුම්

  👤  1727 readers have read this article !
Published by : MB WEB 2018-02-25 10:16:31

දුම්රිය මාර්ග අනතුරු සිදු වන ස්ථාන හඳුනාගනිමින් ඒවා වැළැක්වීම සඳහා කෙටිකාලීන හා දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්) විජය සමරසිංහ මහතා පැවසීය.
 
ඒ අනුව මේ විට කෙටිකාලීන ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක කර තිබෙන බව පෙන්වා දුන් ඒ මහතා දුම්රිය, දුම්රිය ස්ථාවල නැවැත්වීමේ ස්ථාන ප්‍රමාණය අඩු කිරීම, දුම්රිය කාලසටහන වෙනස් කිරීම සිදු කර තිබෙන බව සඳහන් කළේය.
 
එසේම ඒ ඒ දුම්රිය ස්ථාවල දුම්රිය මගීන් දැනුම්වත් කිරීම ශබ්ද විකාශනය මඟින් සිදු කිරීම කෙටි කාලීන ආරක්ෂිත ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක කර තිබේ.
 
එසේම දුම්රිය වැටිවල විශේෂ වර්ණයක් යෙදීමට ද යෝජනා කර තිබෙන බවත් මාර්ග ඉදිකිරීමේදී දුම්රිය මාර්ගයට ආසන්නව ඉදිකිරීම සිදු නොකිරීමට දැනුම්වත් කරන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
 
මුහුදුබට දුම්රිය මාර්ගය වැඩිදියුණු කර අලුතින් දුම්රිය ධාවන ඇති කිරීමට පියවර ගැනීම වැනි දිගුකාලීන වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය. 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon