නිදහස් කුසලානයට ළං වන්නට නම් බංග්ලාදේශයටත් ඉන්දියාවටත් අද තරගය වැදගත්

  👤  2146 readers have read this article !
Published by : MB WEB 2018-03-08 11:26:55

2018 නිදහස් කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස පැවැත්වෙන ඉන්දියාව හා බංග්ලාදේශය අතර තරගය අද (08දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේදී රාත්‍රි 7.00ට ආරම්භ වීමට නියමිතය.

පසුගිය 6 වැනිදා ශ්‍රී ලංකාව සමඟ පැවැති තරගය පරාජයට පත්ව සිටීම හේතුවෙන් දෙවැනි තරගයට සහභාගි වන ඉන්දියාවට අද තරගය ඉතාමත් වැදගත් වී ඇත්තේ තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට නම් මෙම තරගය ඉන්දියාව ජය ගත යුතු බැවිනි.

දෙපිල මේ වන විට විස්සයි-20 තරග පහකට සහභාගි වී ඇති නමුත් එම තරග සියල්ලේම ජයග්‍රහණ අයිතිය ඉන්දියාව සතුව ඇත. එම තත්ත්වය ඔවුන්ගේ මානසික මට්ටම යම් ආකාරයෙන් ඉහළ නැංවීමට සමත්ව තිබුණද ජේ‍යෂ්ඨයන් 6 දෙනකු නොමැතිව තරගවදින ඔවුන්ට බංග්ලාදේශය හමුවේ විශාල වැඩ කොටසක් කිරීමට සිදුව තිබේ.

කෙසේ වෙතත් මෙම ක්‍රීඩා පිටියේදී මෙයට පෙර කණ්ඩායම් දෙක එකිනෙකා මුණගැසී නැති අතර, අද තරගයේදී බංග්ලාදේශය හමුවේ ඉන්දියාව පරාජයට පත්වුවහොත් ඔවුන් (ඉන්දියාව) විස්සයි-20 තරගයකදී බංග්ලාදේශය හමුවේ පරාජය වන පළමු අවස්ථාව ලෙස ඉතිහාසගත වීමට නියමිතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon