මොරටු 'රන් සටන' අද-හෙට සොයිසා පිටියේදී

  👤  2031 readers have read this article !
Published by : MB WEB 2018-03-09 09:07:57

මොරටුව වේල්ස් කුමර හා ශාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර 68 වැනි "මොරටු රන් සටන" වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (9දා) සහ හෙට (10දා) යන දෙදින පුරා මොරටුව ද සොයිසා ක්‍රිඩාංගණයේදී පැවැත්වේ.

මෙවර මෙම මහා ක්‍රිකට් තරගයේදී තරුෂ ප්‍රනාන්දු ශාන්ත සෙබස්තියන් පිල මෙහෙයවනු ලබන අතර, ශ්‍රී ලංකා යොවුන් පිල නියෝජනය කළ ප්‍රවීන් ජයවික්‍රම උප නායක ලෙස කටයුතු කරයි. වේල්ස් කුමර පිල සවිඳු පීරිස් විසින් මෙහෙයවනු ලබන අතර, අවිඳු ප්‍රනාන්දු උප නායක ලෙස සහාය වෙයි.

මේ වන විට පැවැති තරග 67 තුළදී තරග 6ක ජය හිමි කරගනිමින් වේල්ස් කුමරුවන් ඉතිහාසයේ වැඩි ගෞරව හිමි කරගෙන ඇති අතර, ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට ජය හිමිවී ඇත්තේ තරග තුනකදී පමණි. ඉතිරි තරග 58 ම ජය පැරදුමෙන් තොරව අවසන් වී ඇත.

මෙවර තරගවාරයේදී ශාන්ත සෙබස්තියන් තරග 18කට සහභාගි වී ඉන් තරග 3ක් ජයලැබූ අතර අනෙක් තරග ජය පැරදුමෙන් තොරව අවසන් විය. අන්තර් පාසල් දෙදින පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමටද ශා. සෙබස්තියන් විදුහලට හැකි විය. මොරටුව වේල්ස් කුමර විද්‍යාලය මෙවර තරගවාරයේදී තරග 16කට සහභාගි වී ඉන් තරග 7ක් ජය ලබා තරග 2ක් පරාජයට පත් විය. ඔවුන් අන්තර් පාසල් දෙදින පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමටද සමත් විය.

ශාන්ත සෙබස්තියන් සංචිතය:
තරුෂ ප්‍රනාන්දු (නායක), ප්‍රවීන් ජයවික්‍රම (උප නායක), නුවනිඳු ප්‍රනාන්දු, මලින්ත පීරිස්, දුලාජ් සිල්වා, නිශිත අභිලාෂ්, ප්‍රවීන් කුරේ, විනුජ රණසිංහ, ටාෂික් පෙරේරා, ශනෙල් ප්‍රනාන්දු, ජනිෂ්ක ප්‍රනාන්දු, නදීර ප්‍රනාන්දු, ගිහාන් සේනානායක, නිකිල් ප්‍රනාන්දු, සුඛිත ප්‍රසන්න, ළහිරු ප්‍රනාන්දු, ඉමාල් බොතේජු මහතා (ප්‍රධාන පුහුණුකරු), තරංග ද සිල්වා මහතා (සහාය පුහුණුකරු), ප්‍රෑන්ක් කුරේ මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), රංජිත් අන්ද්‍රාදි පියතුමා (විදුහල්පති)

වේල්ස් කුමර සංචිතය:
සවිඳු පීරිස් (නායක), අවිඳු ප්‍රනාන්දු (උප නායක), විශ්ව චතුරංග, දේවක පීරිස්, කාවින්ද ඩිල්ෂාන්, සනෝජ් දර්ශික, සුවත් මෙන්ඩිස්, ප්‍රින්ස් ප්‍රනාන්දු, කෞමාල් නානායක්කාර, සඳුන් ප්‍රනාන්දු, ෂෙහාන් අවිෂ්ක, කුංචන පෙරේරා, රශාන් ප්‍රනාන්දු, නදුක ප්‍රනාන්දු, රවීන් පීරිස්, විනුජ රන්පුල්, කල්ප ප්‍රනාන්දු මහතා (ප්‍රධාන පුහුණුකරු), අසේල පෙරේරා මහතා (සහාය පුහුණුකරු), චතුර මෙන්ඩිස් මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), කුසල ජේ. ප්‍රනාන්දු මහතා (විදුහල්පති)

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon