හිටපු ඇමැති මහින්දානන්දට එරෙහි නඩුව 22දාට කල් යයි
ඉකුත් රජය සමයේ අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් සිටියදී නීතිවිරෝධී ආකාරයට උපයා ගත් රුපියල් මිලියන 27ක මුදලක් යොදවා කොළඹ කින්සි පාරේ නිවෙසක් මිලදී ගත්තේ යැයි චෝදනා ලබා සිටින හිටපු ක්‍රීඩා ඇමැති සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුවේ විභාගය මේ මස 22 වැනිදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණය තීන්දු කළේය.
මෙම නඩුව පෙරේදා (07දා) කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ කැ¼දවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා, කරුණු දක්වමින් තමන්ට වෙනත් නඩුවක් සඳහා ශේර්ෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටීමට සිදුවී ඇති බව සඳහන් කළේය.
ඊට අමතරව මෙම නඩුව වෙනත් විනිසුරුවරයකු හමුවට මාරු කරන ලෙස ඉල්ලා විත්තිකරු විසින් අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර ඇතැයි සඳහන් කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මේ හේතුවෙන් නඩු විභාගය වෙනත් දිනයකට කල් දමන්නැයි ඉල්ලීය.
ඒ අනුව නඩුවේ විභාගය ලබන 22 වැනිදා දක්වා කල් දැමූ විනිසුරු ගිහාන් කුලතුංග මහතා එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි සාක්ෂිකරුවන්ට අවවාද කළේය.
ඊට අමතරව ඉදිරි දිනයේ කල් දැමීමකින් තොරව නඩුව විභාගයට ගැනීම සඳහා කටයුතු කරන ලෙසද විනිසුරුවරයා දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට දැන්වීය.
ඉකුත් රජයේ ආමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් නීති විරෝධී ආකාරයට උපයා ගත් රුපියල් මිලියන 27ක මුදලක් වැයකර කොළඹ කින්සි පාරේ නිවෙසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝ්දනා කරමින් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.
අද මව්බිමෙන්
- ලංකාව අවට මළ මුහුදක් කලාපයටම භයානක අනතුරක් 🕔2019-02-24
- එජාපයට විරුද්ධව වැඩ කළ කණ්ඩායමක් ඇතුළෙ ඉඳන්ම කකුලෙන් ඇද්දා - එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන 🕔2019-02-24
- සේනාවාටත් වඩා දරුණු කීඩෑවෙක් රජරටට රිංගයි 🕔2019-02-24
- රනිල් දැන් හොඳටම හිරවෙලා 🕔2019-02-24
- ඉංජිනේරු රේගු ලොක්කා බීඩි කොළ කන්ටේනරය වරායෙන් පැන්නූ හැටි 🕔2019-02-24
- යුද බිමේ විකුම් පා ජීවිතයෙන් සමුගෙන ගිය රණවිරුවකුගේ නොමියෙන මතක 🕔2019-02-24
- හබරකඩ මහ ප්‍රජා සත්කාරක වැඩසටහන 24 වැනි ඉරිදා 🕔2019-02-24
- භාෂා තුනෙන්ම උප්පැන්නෙ දෙන්න ඔක්කොම ලෑස්තියි 🕔2019-02-24
- මධුෂ්ගේ බිරිය ගයානි මුතුමාලි සියලු රහස් හෙළි කරයි 🕔2019-02-24
- ව්‍යවස්ථාදායක සභාව පෞද්ගලික සමාගමක්ද? 🕔2019-02-24
- පොර වන්ෂොට් දියර ගහලා.. 🕔2019-02-24
- බෞද්ධ පුනරුදයේ පියා ඕල්කට්තුමාද ගුණානන්ද හිමිද කථිකාව අද 🕔2019-02-24
- ශ්‍රී ලාංකේය නිදහස් අධ්‍යාපනයේ විශ්වීය හැරවුම 🕔2019-02-24
- ශ්‍රී මත් ලලිත රාජපක්ෂ ගම ජනතා අයිතියට 🕔2019-02-24
- අධිකරණයේ සහ විනිසුරුවන්ගේ ගෞරවය ගැන අපි ඉතා සැලකිලිමත් 🕔2019-02-24
- සිය ගණනක් පණපිටින් පිලිස්සුණු බංග්ලාදේශයේ බිහිසුණු ගින්න 🕔2019-02-24
- රන්ජන්ගේ හෙළිදරව්ව සැහැල්ලුවෙන් ගත නොහැකියි 🕔2019-02-24
- රත්ගම ව්‍යාපාරිකයන් පහරදී මරා දැමූ හැටි එස්.අයි. වමාරයි 🕔2019-02-24
- මධුෂ්ගේ M39 නවීන ගිනි අවිය ප්‍රභූ ඝාතන ඉලක්කයකට! 🕔2019-02-24
- ව්‍යාපාරිකයන් දෙදෙනා මරා පුලුස්සලා 🕔2019-02-24