ට්‍රම්ප්ට එරෙහිව නඩු පැවැරූ කාම චිත්‍රපට නිළිය නිහඬ කිරීමේ තැතක්

  👤  2236 readers have read this article !
Published by : MB WEB 2018-03-09 14:01:45

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව නඩු පවරා ඇති කාම චිත්‍රපට නිළියට එරෙහිව ජනාධිපතිවරයාගේ පෞද්ගලික නීතිඥවරයා විසින් තහනම් නියෝගයක් ලබාගෙන ඇති අතර තම සේවාදායිකාව නිහඬ කිරීමට දිගින් දිගටම බලපෑම් කරන බව ඇයගේ නීතිඥවරයා කියා සිටී. කැලිෆෝනියා අධිකරණය හමුවේ නඩුවක් පවරමින් ස්ටෙෆනි ක්ලිෆර්ඩ් නොහොත් ස්ට්‍රෝමි ඩැනියෙල්ස් නිළිය පවසන්නේ තමා සහ ට්‍රම්ප් අතර රහස් පිටතට මුදා නොහැරීමට ඇති කරගත් ගිවිසුම බලරහිත වී ඇති බවයි.

කිසිදු විටෙක ට්‍රම්ප් එබඳු ගිවිසුමකට අස්සන් තබා නොමැති බැවින් එම ගිවිසුම මඟින් තමා බැඳී නැති බව ඇය කියයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති පදවියට පත්කිරීමට පෙර මෙකී නිළිය සමඟ සබඳතාවක් පැවැති බව කියැවේ. 2016 ජනාධිපතිවරණයට සති කිහිපයකට පෙර ට්‍රම්ප්ගේ පෞද්ගලික නීතිඥවරයා වන මයිකල් කොහෙන් (Machale Cohen) ස්ට්‍රෝමිට ඇමෙරිකානු ඩොලර් 130,000ක මුදලක් ගෙවූ බව පසුගිය මස ඔහු නිකුත් කළ ප්‍රකාශයකින් පිළිගෙන තිබිණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon