ගුවන් යානයක් කඩා වැටේ: 'විශාල පිරිසක් මරුට'

  👤  1767 readers have read this article !
Published by : MB WEB 2018-03-12 17:05:17

නේපාලයේ කත්මන්ඩු ගුවන් තොටුපොල කරා ගොඩබාමින් සිටි මගීන් 67 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකු රැගත් ගුවන් යානයක් අනතුරකට ලක් වී තිබේ.

අනතුරෙන් 17 දෙනෙකුවත් දිවි ගලවාගෙන ඇති බව මේ වනවිට ලැබෙන වාර්තාවලින් අනාවරණය වේ.

බංග්ලාදේශයේ US-Bangla ගුවන් සේවයට ගිනිගත් ගුවන් යානයේ ගින්න නිවීමෙන් අනතුරුව සුන් බුන් අතර තිබී මළ සිරුරු ද හමු වී තිබේ.

අද(12) සවස් යාමයේ කත්මන්ඩු ගුවන් තොටුපොලේ ධාවන පථයෙන් ඉවතට තල්ලු වී ගිය යානය ගිණි ගැනීමෙන් අනතුරුව ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සියලු ගුවන් ගමන් නවතා දමා ඇති බව නේපාලයේ මාධ්‍ය වාර්තා කරයි.

යානය ගිණි ගෙන තිබෙන්නේ ගුවන් තොටුපොල අසල පිහිටි පාපන්දු ක්‍රීඩාංගනයකදීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon