උපේඛා එක්ක එළියට ආපු සන්දීප් සිනමාවටත් පැනලා

  👤  2181 readers have read this article !
Published by : MB WEB 2018-03-13 14:48:13

"එක දවසක අපි" තේමා ගීතයෙන් සන්දීප්ගේ හඬ ඇහෙනවා. කොහොමද මේ අවස්ථාව ලැබෙන්නේ..?

නිමේෂ් කුලසිංහ හරහා තමයි මට මේ අවස්ථාව ලැබෙන්නෙ. මමයි කල්පනා කාවින්දියි තමයි මේ ගීතය ගායනා කරන්නේ. එය හොඳ අවස්ථාවක් කියලා මම හිතනවා.

ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද..?

ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ ගැන සතුටුයි.

සන්දීප් ගායන ක්ෂේත්‍රයේ ආරම්භය තිබ්බේ කොහොමද කියලා කියමු..?

මීට අවුරුදු හයකට විතර කලින් මමයි උපේඛා නිර්මාණියි ගීතයක් කළා. ඒකත් නාට්‍යයක තේමා ගීතයක්. ඒකෙ ර්භඵඪජ කළේ නිරෝෂන් තිලකරත්න. ඒකෙන් තමයි මගේ ගායන ජීවිතය ආරම්භ වෙන්නෙ.

ඊට පස්සේ සන්දීප් ගීත කිහිපයක්ම ගායනා කළා..?

ඔව්, මීට අවුරුද්දකට විතර කලින් "මටමයි ඕනෙ" කියලා ගීතයක් කළා. ඊට පස්සෙ "සිරවී" සහ "ඇතාගේ විලාපය" කියන ගීත කළා.

"ඇතාගේ විලාපය" වෙනස් හැඩයක ගීතයක්..?

මියුසික් වීඩියෝවක් නැතුවම "ඇතාගේ විලාපය" රසිකයන් අතරට ගියා. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒක අපි ලොකුවට සැලසුම් කරලා කළේ නැහැ. මාසයක් ඇතුළත තමයි අපි ඒක කළේ.

ඇත්තටම එහෙම දෙයක් නැහැ. "සිරවී" ගීතයට මම ගායනයෙන් විතරයි සහභාගි වුණේ. ඇත්තටම මට අයිතිය තියෙන්නෙත් ගායනය සම්බන්ධයෙන් විතරයි. මගේ ගායනයට ඉතාමත් හොඳ ප්‍රතිචාර ආවා. වීඩියෝවට නම් විවේචන එල්ල වුණා. විවේචන කරන කෙනා ඉතිං කොහොමත් හොඳ දෙයක් ආවත් නරක දෙයක් ආවත් විවේචනය කරනවා. ඇතාගේ විලාපය කළේ විවේචන වහගන්න නෙවෙයි.

සිනමාවේ වෙනත් වැඩවලට ගායනයෙන් දායක වෙන්න අවස්ථා ලැබුණේ නැද්ද..?

මෙහෙමයි ඉතිං. "එක දවසක අපි" චිත්‍රපටය ඇවිත් තාම ටික කාලයයි. ඒකත් තාම ජනප්‍රිය වෙමින් තියෙන්නෙ. චිත්‍රපට පසුබිම් ගායකයෙක් කියලා මාව හැඳින්වෙන්නෙ ඒ සින්දුව හරහා. ඉතිං තව වැඩකට අතගහලා නැහැ. අවස්ථාවක් ආවොත් කරලා තියෙන එක වගේම හොඳට කරන්න බලාපොරොත්තු වෙනවා.

ටෙලි තිරයේ ගායනයට අවස්ථාව ලැබුණෙ නැද්ද..?

තවම අවස්ථාව ලැබුණෙ නැහැ. ඒ වගේ වැඩක් කළොත් නිතරම ගීත ඇහෙන නිසා ඒකෙ ලොකු වටිනාකමක් තියෙනවා. ඒ වගේ දෙයක් හම්බවුණොත් ලොකු දෙයක් ඒක. ලැබුණොත් ඉතිං අනිවාර්යයෙන්ම කරනවා.

සන්දීප් කියන්නෙ එකම ශෛලියකට කොටුවෙන්න කැමැති ගායකයෙක්ද..?

නැහැ. මගේ මුල්ම ගීතය ශාස්ත්‍රීය විදියට කළේ. වෙනස් වෙනස් ශෛලීන්වල ගීත මම කරනවා. ඉතිං මම හිතන්නෙ මම එකම ශෛලියකට සීමාවෙලා නැහැ.

සන්දීප් සංගීත කටයුතු කරන්නේ තවත් වෘත්තියක් කරන ගමන්..?

ඔව්. මම පෞද්ගලික ආයතනයක සේවය කරනවා. මගේ රැකියාවෙන් සංගීත වැඩකටයුතුවලට බාධාවක් නැහැ. බොහොම නිදහසේ සංගීත වැඩ කරනවා.

මොනවද අලුත් වැඩ..?

දුලීප් මිරැන්ඩො සංගීතවත් කරපු තරින්ද කසුන් ජයවර්ධන ලිව්ව ගීතයක් අප්‍රේල් අග විතර එන්න තියෙනවා. ඒකට මියුසික් වීඩියෝවකුත් එන්න තියෙනවා. නිමේෂ් කුලසිංහ එක්ක වැඩක් කරන්න තියෙනවා. සිරවී සහ ඇතාගේ විලාපයේ සංගීතය කරපු චමත් සංගීත් එක්කත් කරපු වැඩක් එන්න තියෙනවා.

ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්

 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon