සුශාන්ත්ගේ ඇල්ම බැල්ම ක්‍රිටිගේ නංගිට වැටිලා

  👤  2430 readers have read this article !
Published by : MB WEB 2018-03-13 16:53:38

2009දී පමණ හින්දි සිනමාවට පැමිණි සුශාන්ත් සිං රාජ්පුත් මේ වනවිට බොලිවුඩයේ සාර්ථක රංගන තරු අතරටත් එක් වෙනවා. රංගන ශිල්පියකු විදියට සාර්ථක වන අතරම සුශාන්ත්, අලුතෙන්ම රංගනයට එන අයටත් අත හිත දෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ.

සුශාන්ත් මේ විදියට බොලිවුඩයට එන්න උදවු කරලා තියෙන්නේ ක්‍රිටි සැනොන්ගේ නැඟණියටයි.

සුශාන්ත්-ක්‍රිටි සැනොන් යුවළ ගැන පසුගිය කාලේ විවිධ කටකතාත් පැතිරුණා. Raabta චිත්‍රපටයෙත් එකට දකින්න ලැබුණු මේ යුවළ විනෝද චාරිකාවලදීත් එකට හමුවන බව සමාජ ජාල වෙබ් අඩවිවල පළවුණු ඡායාරූපවලිනුත් දැකගන්න පුළුවන්. ඒ කොහොම වුණත් සුශාන්ත් නම් මේ කතාව ප්‍රතික්‍ෂේප කරනවා. මේ දෙන්නාගේ සමීපකම නිසා ක්‍රිටිගේ නැඟණිය වන Nupur Sanonටත් සිනමාවට එන්න අවස්ථාව ලැබිලා.

ඇය මේ වනවිටත් ඇගේ පළමු සිනමා නිර්මාණයට අස්සන් තැබූ බව බොලිවුඩයෙන් ආරංචි වෙනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon