ඩී. එස්. - මහානාම ‘රන් සටන’ 16-17 දා පවත්වන්න ඕවල් පිටිය සැරසෙයි

  👤  826 readers have read this article !
Published by : MB WEB 2018-03-14 15:51:05

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර 12 වැනි වරටත් පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගය හෙවත් 'රන් සටන' මාර්තු 16 හා 17 දිනවල කොළඹ පී. සරා ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. තවද අරවින්ද ද සිල්වා අභියෝගතා කුසලානය සදහා පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගය මාර්තු මස 24 වැනිදා පැවැත්වෙන්නේ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

විහාන් ගුණසේකර ඩී. එස්. සේනානායක විද්‍යාලයීය කණ්ඩායමේ නායකත්වය දරන අතර හේෂාන් හෙට්ටිආරච්චි මහානාම විද්‍යාලයීය කණ්ඩායමේ නායකත්වය දරයි. කෙසේ වෙතත් 'රන් සටනේ' මෙතෙක් පැවැති තරගවලදී ඩී. එස්. සේනානායක විද්‍යාලය 2014 වර්ෂයේ පැවැති තරගය ජයග්‍රහණය කරමින් පෙරමුණේ පසුවෙයි. මේ අතර 12 වැනි 'රන් සටන' පිළිබදව පැවැති මාධ්‍ය හමුවේදී මෙම දෙවිදුහල් අතර පැවැත්වෙන 'රන් සටන' වාර්ෂික ක්‍රිකට් තරගය අනාගතයේදීත් අඛණ්ඩව පැවැත්වීම සඳහා වන ගිවිසුමට විදුහල් දෙකෙහි විදුහල්පතිවරුන් විසින් අස්සන් තැබීම සිදුකරන ලද අතර එම අවස්ථාව සඳහා මහානාම විදුහලේ විදුහල්පති එල්. එම්. ඩී. ධර්මසේන, ඩී. එස්. සේනානායක විදුහලේ විදුහල්පති ආර්. එම්. එම්. රත්නායක, මහානාම කණ්ඩායමේ නායක හේෂාන් හෙට්ටිආරච්චි, ඩී. එස්. සේනානායක කණ්ඩායමේ නායක විහාන් ගුණසේකර සහ දෙවිදුහල්වල අදි ශිෂ්‍ය සංගම් සභාපතිවරුන්, ක්‍රිකට් භාර ආචාර්යවරු සහ නියෝජ්‍ය විදුහල්පතිවරු සහභාගි වූහ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon