කෝලි ගැන රහසක් ඩැනීලී හෙළි කරයි

  👤  2100 readers have read this article !
Published by : MB WEB 2018-03-15 13:05:21

එංගලන්ත කාන්තා ක්‍රිකට් විස්සයි - 20 ඉතිහාසයේ පළමු ශතකයට හිමිකම් කියූ ඩැනීලී වෙයිට් මාධ්‍ය වෙත පවසා ඇත්තේ මාර්තු 22 වැනිදා එංගලන්ත, ඕස්ට්‍රේලියා සහ ඉන්දීය කණ්ඩායම්වල සහභාගිත්වයෙන් ඉන්දියාවේදී ආරම්භ වන තුන්කොන් විස්සයි - 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩා කිරීමට රහස් අවියක් තමන් සතුව ඇති බවයි.

පසුව එම රහස් අවිය හෙළිදරව් කළ ඩැනීලී පවසා සිටියේ වාර්තාගත ශතකය ලබාගත් තම පිත්ත කැඩුණු නිසා තමන් මෙවර විස්සයි-20 තරගාවලිය ක්‍රීඩා කරන්නේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි තමන්ට තිළිණ කළ පිත්තකින් බවයි. එම පිත්ත තමන්ට තිළිණයක් ලෙසින් ලැබුණුු ආකාරය ඇය මෙසේ විස්තර කර තිබිණි. '2014 වසරේ මුලදී දකුණු අප්‍රිකාවට එරෙහිව විස්සයි-20 තරගයකදී විරාත් කෝලි ලකුණු 72ක් රැස් කළා. එම ඉනිම දැක්කට පස්සෙ මම මගේ ට්විටර් ගිණුමෙ සටහනක් දැම්ම කෝලි, මාව විවාහ කරගන්න කියල. එම සටහන මිනිත්තු 10ක් ගතවන්නටත් පෙර ඉන්දීය මාධ්‍යවල පවා වාර්තා වෙලා තිබුණ. ඒවා මගේ පියාට ඊ-මේල් පණිවුඩ විදියටත් සමහරු එවල තිබුණ. ඒ අවුරුද්දෙම ඉන්දීය කණ්ඩායම එංගලන්තයට තරග සංචාරයකට ඇවිත් හිටපු අවස්ථාවක විරාත් කෝලිව මට මුණගැසුණා. එවිට ඔහු කිව්වෙ ට්විටර් ගිණුමෙ ඒ වගේ සටහන් තබන්නෙපා මිනිස්සු ඒවා වැරදියට හිතනව කියලයි. පසුව මම ඔහුගෙන් සමාව ඉල්ලුව. ඊට පස්සෙ තමයි කෝලි මට ඔහුගෙ එම ක්‍රිකට් පිත්ත තෑගි කළේ' යැයි පැවසුවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon