දෙවන ලෝක යුද සමයට අයත් බෝම්බයක් ඉතාලියෙන් හමුවෙයි

  👤  1945 readers have read this article !
Published by : MB WEB 2018-03-15 15:23:34

දෙවන ලෝක යුද සමයට අයත් පුපුරා නොගිය බෝම්බයක් ඉතාලියේ මධ්‍යම කලාපයේ වැඩ බිමක තිබී සොයා ගැනීමත් සමග ඒ අවට වෙසෙන 23,000 පමණ එම ප්‍රදේශයෙන් ඉවත් කරනු ලැබ ඇත.

අත්වැරදීමකින් සක්‍රිය වීම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත ඉහත කී බෝම්බය පුපුරා යාමට ඉඩ ඇති බව ෆැනෝ නගරයේ බලධාරීන් පවසා තිබිණි.

හමුදාවේ සහ නාවික හමුදාවේ විශේෂ භට කණ්ඩායම් බෝම්බය ඉන් ඉවත් කර මුහුදට හෙලීමට පෙර ප්‍රදේශයේ රෝහල් ගොඩනැගිලි තුළින් රෝගීන් ඉවත් කිරීමට සහ දුම්රිය සේවා අත්හිටුවීමට පියවර ගනු ලැබිණි.

බදාදා දිනය තුළ පාසල් වසා තැබීමටත් නියෝග කර තිබේ.

අඩි 3.6 (මීටර 1.1) දිග රාත්තල් 500 (කිලෝග්‍රෑම් 225) බරැති බෝම්බය හමුවී ඇත්තේ වෙරල කලාපයේ කානු පද්ධතියක් ඉදිකිරීමේදීය.

අනතුරුදායක තත්ත්වය හමුවේ නගරයේ සම්පූර්ණ ජනගහනයෙන් හතරෙන් තුනක් ඉවත් කිරීමට පියවර ගත් බව බලධාරීහු පවසති.

ෆැනෝ නගරයේ වරාය සහ ගුවන් තොටුපල ද වසා දැමීමට බලධාරීහු පියවර ගත්හ.

රාත්‍රිය පුරා වෙහෙස වීමෙන් අනතුරුව බදාදා අලුයම වනවිට බෝම්බය ඉන් ඉවත් කිරීමට විශේෂ භට කණ්ඩායම් සමත් විය.

සිය නිවෙස් බලා නැවත යා හැකි බව නගරවාසීන් වෙත දැනුම් දී ඇත්තේ ඉන් පසුවය.

(BBC)

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon