ජවිපෙ සංවිධානය කරන 'වෙනසක ඇරැඹුම' ජාතික සමඟි කතිකාවත හෙට

  👤  1754 readers have read this article !
Published by : MB WEB 2018-03-20 13:39:31

ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ 'වෙනසක ඇරැඹුම' ජාතික සමඟි කතිකාවත හෙට (21දා) ප.ව. 3.30ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ජාතික සමඟිය වෙනුවෙන් සංවිධානය කළ මෙම සමුළුවේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, හෑගොඩ විපස්සි හිමි, උතුරු - නැඟෙනහිර හිටපු ආණ්ඩුකාර ලයනල් ප්‍රනාන්දු, මහාචාර්ය එන්.ජී. යෝගරාජා, මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන්.එම්. අමීන් ඇතුළු පිරිසක් දේශන පැවැත්වීමට නියමිතය.


එම දේශනවලින් අනතුරුව ගායක සුනිල් පෙරේරා, සංගීතවේදී නදීක ගුරුගේ, ඉෂාග් බෙග් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් ජාතික සමඟි ගී ප්‍රසංගයක්ද පැවැත්වේ.
මෙම සමුළුව ලබන 29 දිගන නගරයේත්, අප්‍රේල් 3 සහ 8 දෙදින මාතර, අම්පාර නගරවලදී පැවැත්වීමට නියමිතය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon