'නීල හරිත' සංග්‍රාමය 23-24 සරා ඕවල්හිදී

  👤  1354 readers have read this article !
Published by : MB WEB 2018-03-20 16:50:33

කොළඹ ලුම්බිණි විදුහලත්් ගම්පහ බණ්ඩාරනායක විදුහලත්් අතර පස් වැනි වරටත් පැවැත්වෙන මහා ක්‍රිකට් තරගය හෙවත් 'නීල හරිත සංග්‍රාමය' මාර්තු 23 සහ 24 යන දිනවල පී. සරා ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. තවද 'නීල හරිත සංග්‍රාමය'ට සමගාමීව පැවැත්වෙන එක් දින ක්‍රිකට් තරගය අප්‍රේල් මස 4 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

කවීන් පීරිස් ලුම්බිණි විදුහල් කණ්ඩායමේ නායකත්වය දරන අතර ගම්පහ බණ්ඩාරනායක විදුහල් කණ්ඩායමේ නායකත්වය හචිත තිමාල් හට හිමි වී ඇත. කෙසේ වෙතත් 'නීල හරිත සංග්‍රාමයේ' මෙතෙක් පැවැති දෙදින තරගවලදී තරග 2ක් ජයගනිමින් ලුම්බිණි විදුහල ඉදිරියෙන් පසුවෙයි. තවද දෙවිදුහල් අතර මහා ක්‍රිකට් සංග්‍රාමයට සමගාමීව මෙතෙක් පවත්වා ඇති එක්දින තරග 4න් 2ක් ලුම්බිණි කණ්ඩායම ජයගෙන ඇති අතර අනෙකුත් තරග ජය පරාජයෙන් තොරව නිමාවට පත් වී ඇත.


බණ්ඩාරනායක විදුහල් කණ්ඩායම නියෝජනය කළ නුවන් කුලසේකර සහ ලුම්බිණි විදුහල් කණ්ඩායම නියෝජනය කළ මලින්ද පුෂ්පකුමාර සහ විකුම් සංජය යන ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමද නියෝජනය කර තිබීම ද විශේෂත්වයකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon