ට්‍රම්ප්ගේ දුව සහ බෑනා ගමන් කළ හෙලිකොප්ටරයක එන්ජිමක් නැවතිලා

  👤  2052 readers have read this article !
Published by : MB WEB 2018-03-20 15:16:15

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කා ට්‍රම්ප් සහ ඇයගේ සැමියා වන ජාරෙඩ් කුෂ්නර් ගමන් ගත් හෙලිකොප්ටර් යානයක එක් එන්ජිමක් ක්‍රියා විරහිත වීම හේතුවෙන් ආපසු ගුවන්තොටුපොළ වෙත හරවා නිරුපද්‍රිතව පැමිණීමට සිදුවී ඇතැයි වාර්තා වී ඇති බව සී.එන්.එන්. පුවත් සේවය කියයි.

ට්‍රම්ප්ගේ දියණිය සහ බෑනා මේ අවස්ථාවේ වොෂිංටන් නගරයේ සිට නිව්යෝර්ක් අගනුවර කරා යෑමට පියාසර කරමින් සිට ඇත.
ඔවුන් ගමන් ගත් යානය ට්‍රම්ප්ට අයත් ඊපභථන ර්ණීපඨචදඪලචබඪධද සතු වූ ඉඪඬධපඵඬර වර්ගයේ හෙලිකොප්ටරයක් වූ අතර එහි ඇති එන්ජින් දෙකෙන් එකක් ක්‍රියා විරහිත වී තිබේ.


එන්ජිමක් ක්‍රියා විරහිත වීමෙන් පසු ආපසු හැරවූ හෙලිකොප්ටරය නැවත රොනල්ඩ් රේගන් ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ. ඉන් අනතුරුව ඉවන්කා සහ කුෂ්නර් යුවළ වෙනත් වාණිජ ගුවන් යානයක පිහිට පතා ඇත.


මෙය සිදුවී ඇත්තේ ඉකුත් සතියේ බ්‍රහස්පතින්දා බව කියැවේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon