ශ්‍රී දේවි මියගිය දුක තුනී වෙන්නත් පෙර ජාන්වි උපන් දිනය සමරයි

  👤  2326 readers have read this article !
Published by : MB WEB 2018-03-25 15:41:01

බොලිවුඩ් සුපිරි තරුවක් වූ ශ්‍රී දේවි කපූර්ගේ හදිසි වියෝව සිනමා රසිකයන්ටත්, ඉන්දීය සිනමා තරුවලටත් නෙතගට කඳුළක් ගෙන ආ ඉතාම ශෝචනීය සිදුවීමක් වුණා. ඔය අතර වාරයේ ශ්‍රී දේවිගේ වියෝවෙන් මාසයක් ගත වීමටත් පෙර ඇයගේ වැඩිමහල් දියණිය වූ ජාන්වි කපූර් ඇගේ උපන් දිනය සැමරීම කා අතරත් කතා බහට ලක් වුණා.

පසුගිය මාර්තු 6 වැනි දින 21 වැනි වියට පා තැබූ ජාන්වි කපූර් ඇගේ මව ගැන ඉතාම සංවේදී සටහනක් ට්විටර් වෙබ් අඩවියේත් පළ කර තිබුණා. මේ සමඟම ජාන්වි කපූර් පවුලේ සොයුරියන් එක්කර ගනිමින් සැමරූ ඇගේ 21 වැනි උපන්දින සාදයේ ඡායාරූප ට්විටර් සමාජ ජාලයට මුදා හැරීමත් සමඟම බොහෝ දෙනා මෙය හෙළා දකිමින් අදහස් එක් කිරීමත් දැක ගන්නට ලැබුණා.


ජාන්වි, කුෂි ඇගේ ඥාති සොයුරියක් වන සෝනම් කපූර් හා තවත් කපූර් පවුලේ ඥාති සොයුරු සොයුරියන් කිහිප දෙනෙක්ම ඇගේ සාදයට එක් වී සිටියා.


ශ්‍රී දේවිගේ අවමංගල්‍ය උත්සවයෙන් පසුව මේ සොයුරියන් එක්වුණු පළමු අවස්ථාව වන්නේත් මෙයයි. ඉන්ස්ටර්ග්‍රෑම් හා ට්විටර් මඟින් මේ ඡායාරූප පළ කළ ජාන්වි වගේම කපූර් පවුලේ අනෙක් සොයුරියන්ටත් බොහෝ දෙනකුගෙන් ලැබුණේ හොඳ ප්‍රතිචාරයක් නම් නොවෙයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon