පිළිකා මාරයා සමඟ සටන් වදින ඉර්ෆාන් ඛාන්

  👤  2757 readers have read this article !
Published by : MB WEB 2018-03-26 17:35:32

දක්‍ෂ සිනමා තරුවක් වන ඉර්ෆාන් ඛාන් ඉන්දියානු ජාතිකයෙක් වුණත් ඔහුගේ රංගනය බොලිවුඩයට විතරක් සීමා වුණේ නෑ. බි්‍රතාන්‍ය සිනමා නිර්මාණ හරහා හොලිවුඩයද දිනාගත් ඉර්ෆාන් ජාත්‍යන්තර සම්මාන රැසක්ම හිමිකර ගත් දක්‍ෂ රංගන තරුවක්.

අනපේක්‍ෂිත ලෙස තමන් ඉතාම දරුණු රෝගයකින් පෙළෙන බව පසුගියදා ට්විටර් සමාජ ජාලය හරහා කියා සිටියේ ඉර්ෆාන්මයි. මේ ආරංචියෙන් හැමෝම පුදුමයටත් පත්වුණා. ඉතාම කලාතුරකින් වැලඳෙන ව්ඥභපධඥදඤධජපඪදඥ ඊභථධභප නමැති පිළිකා තත්ත්වය නිසා ඔහුගේ සිරුරේ පද්ධති කිහිපයකටම බලපෑම් ඇති කරවන බව වෛද්‍යවරු පවසනවා. මේ නිසා ඔහු වහා නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට විදෙස් ගතවීමට සූදානම්.


51 වැනි වියේ පසුවන ඉර්ෆාන් කියා සිටියේ ජීවිතයේ ඉතාම අසීරු තත්ත්වයකට මුහුණ පා සිටින තමන්ට, ආදරය කරන පිරිසගෙන් ලැබෙන සහාය හා ආශීර්වාදය මහත් ශක්තියක් වන බවයි. ඉර්ෆාන් රංගන දායකත්වය ලබාදෙන අලුත් චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ විශාල් බාරද්වාජ් ඔහුගේ චිත්‍රපටයේ රූගත කිරීම් පවා කල් දමා තිබුණේ ඉර්ෆාන්ගේ හදිසි රෝගී තත්ත්වය නිසයි. විශාල් ඔහුගේ සමාජ ජාල වෙබ් අඩවියේ ඉර්ෆාන් ගැන සඳහන් කළේ මෙවැන්නක්.

'ඔහු රණශූරයෙක්. ඒ නිසා ඔහු මේ ජීවිත සටන අනිවාර්යයෙන් ජය ගන්න බව මට විශ්වාසයි'

ශාලිකා රංගනී සමරදිවාකර

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon