30 වැනි 'කැලණි හටන' අදත් හෙටත් කොළඹදී

  👤  1411 readers have read this article !
Published by : MB WEB 2018-03-27 16:50:38

කැලණිය ගුරුකුල විද්‍යාලය සහ ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය අතර 30 වැනි වරටත් පැවැත්වෙන 'කැලණි හටන' මහා ක්‍රිකට් තරගය අද (27දා) සහ හෙට (28දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

1988 වසරේදී ආරම්භ වූ කැලණි සටනේ මෙතෙක් පැවැත්වූ තරග 29න් තරග 3ක් ගුරුකුල විද්‍යාලය ජයග්‍රහණය කර තිබීමද අනෙක් තරග සියල්ල ජය පරාජයෙන් තොරව අවසන් වී තිබීමද විශේෂත්වයකි. පෘතුවි රූසර ගුරුකුල විදුහල් කණ්ඩායමේ නායකත්වය දරන අතර මාධව කවිඳු ශ්‍රී ධර්මාලෝක විදුහලේ නායකත්වය දරයි.
මේ අතර 'කැලණි හටන' මහා ක්‍රිකට් තරගයට සමගාමීව 26 වැනි වරට පැවැත්වෙන වාර්ෂික එක් දින ක්‍රිකට් තරගය අප්‍රේල් මස 1 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


ගුරුකුල විදුහල් කණ්ඩායම _ පෘතුවි රූසර (නායක), ලසිඳු අරෝෂ (උපනායක), තරිඳු නිරෝෂන්, යූෂාන් මලිත්, නවීන්ද්‍ර චරිත්, පැතුම් මහේෂ්, කෙමිර නයතරු, මලිඳු විදුරංග, ඩික්ෂාන් සසංග, ශානක ඉෂාර, සචින්ත චමිත්, නුවන්ත මධුශාන්, අභිෂේක් ජයවර්ධන, නුවන් චානක, සිතිජ චමෝද්, සසිත අශාන්, ප්‍රවීන් නිමේෂ්, ඩිලිප් චාමර, තෙෂාන් මලින්ද.


ශ්‍රී ධර්මාලෝක විදුහල් කණ්ඩායම _ මාධව කවිඳු (නායක), යුගීෂ දිශාන් (උපනායක), හරිත කෙෂාන්, කවිඳු සංකල්ප, සුබෝධි නිල්ෂාන්, සචින්ත ලක්ෂාන්, පසිඳු ලක්ෂිත, හසිඳු පියමාල්, රුසිරු රන්දුනු, කවිඳු මල්ෂාන්, රවීන් කවිෂ්ක, රවිෂ් තරිඳු, යසින්ත යොහාන්, හිමාලක ඉඳුරංග, මනුර අක්ෂර, අචින්ත කුමාර, ඉරුෂ රාමනායක, ෂෙනාල් හිමන්ත, පියුමික මැදවත්ත, මදුෂ්ක නදීශාන්, පබසර මදුරංග.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon