අප්‍රේල් 2ත් 6ත් අතර එජාප මන්ත්‍රින්ට රට යෑම තහනම්

  👤  1627 readers have read this article !
Published by : MB WEB 2018-03-28 13:27:53

අප්‍රේල් 2 වැනිදා සිට අප්‍රේල් 6 වැනිදා දක්වා කාලය තුළ විදේශ සංචාරවල යෙදීමෙන් වළකින ලෙස එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එජාප මැති ඇමැතිවරුන්ට උපදෙස් දී තිබේ.

මේ අතර මේ මස 3 වැනිදා දක්වා චීනයේ චාරිකාවක යෙදී සිටින එජාප මන්ත්‍රිවරුන් හය දෙනාට එම චාරිකාව අවසන් කර අප්‍රේල් මස 1 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසද අගමැතිවරයා දන්වා යවා තිබේ.

අප්‍රේල් මස 04 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විශ්වාසභංග යෝජනා විවාදයට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් කල් ඇතිව සූදානම් කිරීමේ අරමුණ ඇතිව අග්‍රාමාත්‍යවරයා මෙම තීරණයට එළැඹ තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon