තීරණාත්මක සාකච්ඡා 4ක් අද සහ හෙට

  👤  1916 readers have read this article !
Published by : MB WEB 2018-04-02 13:26:49

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කොට තිබෙන විශ්වාසභංග යෝජනාව පිළිබඳව තීරණාත්මක විශේෂ සාකච්ඡා 4ක් අද (02දා) සහ හෙට (03දා) පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ විශේෂ රැස්වීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02දා) ජනාධිපති නිල නිවෙසේදී පැවැත්වීමට නියමිතය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම අද (02දා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව ඇත.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් හෙට 3 වැනිද පැවැත්වීමට නියමිතය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම පැවැත්වීමට නියමිතව ඇත්තේ හෙට (03දා) සවස 5.00ටය. ඒ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවෙසේදීය.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම අප්‍රේල් 03 වැනිදා පෙරවරුවේ රැස්වීමට නියමිතය. මේ සියලුම රැස්වීම්වලදී අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට නියමිතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon