අද සවස මහින්දගේ ගෙදර විශේෂ රැස්වීමක්

  👤  1725 readers have read this article !
Published by : MB WEB 2018-04-03 13:13:24

අගමැතිවරයාට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පිළිබඳව විශේෂ තීරණ කීපයක් ගැනීමට සූදානමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා "මව්බිම"ට පැවැසීය.

අද පස්වරුවේ රැස්වන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂනායක රැස්වීමේදී සහ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී එම තීරණ ගැනීම පිළිබඳව සාකච්ඡා කරන බවද හිටපු ජනාධිපතිවරයා පැවැසීය.

විශ්වාසභංග යෝජනාවෙන් පසුව දේශපාලන තත්ත්වය පිළිබඳවද මෙම රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතය.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද සවස 4ට සහ පක්ෂ නායක රැස්වීම සවස 5ට කොළඹ විජේරාමයේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවෙසේදී පැවැත්වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon