අගමැතිට එරෙහිව ඡන්දය නොදී ඉන්න ශ්‍රීලනිපය තීරණය කරයි

  👤  2452 readers have read this article !
Published by : MB WEB 2018-04-04 10:47:02

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු ඡන්දය දීමෙන් වැළකී සිටින බව රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතා පවසයි.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡා දෙකක් අද පෙරවරුවේ පැවැත්වුණි.
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම ජනපතිවරයාගේ නිල නිවසේ රැස්වූ අතර  එක්සත් ජාතික පක්ෂයේ විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේදීය.
 
මේ අතර, කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන 9යි 30ට පාර්ලිමේන්තුව රැස්වූ අතර, මේ වන විට අදාළ විවාදය ආරම්භ වී තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon