නෙස්ලේ අනුග්‍රහයෙන් පැවැත්වෙන ළමා ක්‍රීඩා උළෙලේ පස්වැනි ශේ්‍රණියේ අවසන් තරග 6දා

  👤  1945 readers have read this article !
Published by : MB WEB 2018-04-04 14:45:01

නෙස්ලේ ලංකා සමාගමේ අනුග්‍රහයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අංශය තෙවැනි වරටත් සංවිධානය කරනු ලබන ළමා මලල ක්‍රීඩා උළෙලේ 5 ශේ්‍රණියේ අවසන් තරග අප්‍රේල් 6 වැනිදා නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ඒ අනුව පසුගිය වසරේදී කොට්ඨාස, කලාප හා පළාත් මට්ටමින් තරග පවත්වා අවසන් වශයෙන් ජයග්‍රහණය කළ පිරිමි කණ්ඩායම් 57ක්, කාන්තා කණ්ඩායම් 59ක් හා මිශ්‍ර කණ්ඩායම් 50ක් මෙවර පැවැත්වෙන තරගාවලිය සඳහා මුහුණ දීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් මෙම තරගාවලියේ 3 හා 4 ශේ්‍රණිවල අවසන් තරග පසුගිය මාර්තු 3 හා 4 වැනිදා යන දිනවලදී බෝගම්බරදී පැවැත්විණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon