අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගැන්වේ

  👤  2008 readers have read this article !
Published by : MB WEB 2018-04-04 14:10:15

උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නැකැත් සීට්ටුව සාම්ප‍්‍රදායික චාරිත‍්‍රානුකූලව ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද (04 පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සිදුවිය.

අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්. බී. නාවින්න මහතා අතින් ජනාධිපතිතුමා වෙත චිරාගත පිළිවෙත් පරිදි නැකැත් සීට්ටුව පිළිගන්වන ලදී.

අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම හා ආහාර අනුභවය, හිසතෙල් ගෑම මෙන්ම නව වසරේ රැකී රක්ෂා සඳහා පිටත්ව යාම ආදී නැකැත් චාරිත‍්‍ර නැකැත් සීට්ටුවට ඇතුළත් වේ.

මේ අවස්ථාවට අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඞී. ස්වර්ණපාල, උපදේශක රවිබන්දු විද්‍යාපති, අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුළ යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්ය අංශය)

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon